IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නැගෙනහිර හදන්න ඉන්දියාවෙන් මිලියන 2,371ක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියා බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025-04-05 දින අත්සන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83 ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. 

එකී අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත එක් එක් ව්‍යාපෘතියට අදාළව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන් වෙන් වශයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව තිබේ.

ඒ අනුව, ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33, ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත්  පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය  මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

නැගෙනහිර හදන්න ඉන්දියාවෙන් මිලියන 2,371ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1590 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1380 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site