(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම යෝජනාව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා ඉකුත්දා වෙනම හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර මහතා ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති හවුල් පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී නාමලගේ යෝජනාව පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී හවුල් පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,මෙම අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින් ,ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බවය.
එබැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද හවුල් පක්ෂවල නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
ඔය හැරෙන්නේ තණකොළ කන්නද, කෙහෙල් පැලේ කන්නද කියලා දන්නො දනිති...
පක්ෂයට නොව පුද්ගලයාට එහෙම කළත් කමක් නැහැ.
අහුවෙන්න එපා... සියල්ල විනාශයි..!
ගිනි ගන්න රටක ඉන්න අම්බරුවන් තමයි.
අනේ ඔව්, අපි දැන් පුතාණෝටත් කියලා කෙළවා ගමුද?
තවමත් තටමන්නේ මොන ක්‍රමයක් හෝ යොදා ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පාර හදාගැනීමයි. තවත් රාජපක්ෂ කෙනෙක් නිසා මෙයාගේ ‘‘දහම්ගැට‘‘ වලට අනෙකුත් පක්ෂ හසුනොවීම රටේ වාසනාවකි...
මේ අයගේ පවුලම රට කාලා අද මිනිස්සු බඩගින්නේ... ඔවුන් සුරසැප විඳිනවා.. ඔවුන්ට සාපවෙනවා.
හොර පෙරකදෝරුවන් කාටද දන්නේ නැහැ එන්න හදන්නේ? රට වලපල්ලටම ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ අය කියන දේවල් අහන්න දැන් කවුරුත් ලෑස්ති නැහැ.
රටම විනාශ කෙරුවා මදිවට අලුත්ම ගේමකින් එන්න වගේ හිතාගෙන ඇති. පින් අයිතිවෙයි, පුළුවන් නම් බංකරේ ඇතුළට වෙලා ඉන්න ජනාධිපති බාප්පාට අයින්වෙලා යන්න කියන්න. මේ වෙලාවේ රටටම කරන්න පුළුවන් ලොකුම දේ ඒකතමයි...
ආයෙත් නම් අහුවෙන්න එපා... රාජපක්ෂ හැතිකරේ අයට...
මේ වගේ පවුලක බේබිවරුන්ට සර් කියාගෙන පස්සෙන් යන්න තරම් අනුවණ තරුණයින් අද සමාජයේ නැත...
නාමල් ගොයියා මුට්ටිය දාලා බැලුවා වගේ...
සෙට් වෙලා ඉන්නේ දැන්මම වැඩේට..!
දූෂණ චෝදනා නොමැති අදාල විෂයයන් පිළිබඳ දැනුමැති කාලීන අත්‍යා වශ්‍යතා සැලකිල්ලට ගෙන දැනට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා විසින්ද යෝජනාකර ඇති පරිදි සීමිත කාලයකට ඇමැතිවරුන් සීමිත සංඛ්‍යාවකින් සමන්විත සර්ව පාක්ෂික පාලන මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමෙන් පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර, තීන්දු කරගත් කාලයට අන්තර් පාලනය ගෙන යාම සුදුසුයි. එයින් විශාල මුදලක්ද රජයට, මාතෘ භුමිය වෙනුවෙන් ඉතිරිකර ගත හැකිවනු නිසැකයි.
මේ තත්වයට ආණ්ඩු පක්ෂ සියලු විපක්ෂ වගකිව යුතුයි. දැන් වසර 05 කට වඩා දේශපාලනේ හිටපු කිසිකෙනෙක් ආයේ ගේන්න එපා. මොන වෙස් මුහුණු දාගෙන ආවත් වමේ සහ දකුණේ සියල්ල අසමත්, සියලු පක්ෂ අසමත්...