
(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් ඔහු පසුගියදා නිදහස් කොට නිදහස් කළේය.
පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද නිල වශයෙන් දැනුම්දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි සිසුවෙකි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරු වෙති.
COMMENTS
ඉතා හරිම සතුටුයි. ඉතාමත් කාර්ය සූර්ය පවරන වැඩ මැනැවින් ඉටුකරන උතුම් මිනිසෙකි මාගේ සරසවි මිතුරෙකි තෙරුවන් සරණයි
හොඳ චැඩේ බන්දුවාට.
සුභ පැතුම්
ශුභ පැතුම්
පතිනායක මහතා මීළඟ IG තනතුරට සෑම විටම නිර්දේශ කරන පුද්ගලයාය.. අජිත් රෝහනගෙන්ද ප්‍රවේසම් වන්න .ඔහු සිංහල හා දෙමල ජාතිවාදය අවුස්සනවා.
පාර්ලිමේන්තුවේ ඉන්න තෝරු මෝරු අල්ලන්න කලින් යුක්තිය නතර කලේ ඔන්න ඔහොමයි
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නීතියට අනුව කටයුතු කරන මා හඳුනන මහතමයෙක්. මගේ සුභ පැතුම් ඔබට
ඔක්කොම රනිල්ගේ කස්ටිය තමයි
සුභ පැතුමක් අපෙන්....රාජකාරිය අකූරට කරන්න....
සුභපැතුම් අයියා .මහන්සියේ ප්‍රතිපල නේද .ඔයා දිනුම් .රාජකාරිය අකුරට කරන්න .අපේ සුභපැතුම්
හොඳයි
දුප්පත් ජනතාවගේ දුක දන්නා නීතිය හරියට අකුරට කරනා නිලධාරියෙක් . මගේ සුභ පැතුම් සර්
අවංක නිලධාරීන්ට ඔතන රැඳිලා ඉන්න අමාරුයි ... රවී සෙනෙවිරත්න වගේ මිනිස්සු කොච්චර අවංක දක්ෂ නිලධාරීන්ද..
අවංකව සහ නීති ගරුකව වැඩ කරන නිලධාරීයෙක් කියා සිතනවා. සුභ පැතුම්.
දකුණේ කොල්ලෙක්..., මුහුණත් පින්පාටයි...!
අපේ පාසලේ ,නමත් මතකයි පරිස්සමෙන් මගේ මාතෘ භූමියට සේවය කරන්නට වාසනාව උදා වේවා .ඔබට තෙරුවන් සරනේ ආශිර්වාදය ලැබේවා
හොදයි මභජනයගෙ පැත්තෙ හිටගනී කියා මා සිතනවා
රට විනාසයට කටයුතු නොකරන්න.
රාජකාරිය හරියට ඉටුකරන,නිවැරදි තීරණ ගන්නා දක්ෂ පොලිස් නිලධාරියෙක්!සුභ පතමු
සුබ පැතුම් සර්
රනිල් කුට්ටම අනන ගමන් තමන්ට හොරෙන් බෙදාගත් කපොතියක් ගහන්න තියන් හිටපු අන්තිම ආසියත් ඉවරයි. තුරුම්පු කොලෙකට කැපිලා ගියා.දැන් අතේ තියෙන්නේ සූඋපිං පොහොට්ටු කොළ ටිකක් විතරයි.පරාදයි කියල දැනෙන්ස්කොට දැන් තොල කට වෙලිගෙන එනවා ඇති ඔක්කොම ගැස්සිලා හිරේට යන්න වෙනවා දැනිලා
ඔබතුමා අත්අඩන්ගුවට ගත් වෙලිගමද කුඩු රාජකාරිය කරන්න දුන්නේ... නැහැ නේද?
බොහොම හොඳයි... දැන් කැපිලි නෑනේ...
රට විනාශයට කටයුතු කරන්න...
බොහොම හොඳ රාජකාරිය හරියට කරන උගත් උසස් පොලිස් නිලධාරීන් අතර බුද්දිමත් මහත්මයෙක්