රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් ලිමිටඩ් සමාගම ඉතාමත් හුරුබුහුටි සහ වැදගත් ඉංජිනේරුමය උපාංගයක් ලෙස නවසීලන්තයේ රැකෝන් ලිමිටඩ් සමාගම සඳහා හීටර් ඉන්සියුලේටරයක් පසුගියදා නිෂ්පාදනය කළේය. රැකෝන් ලිමිටඩ් යනු ලෝකයේ ප්‍රමුඛතම සංඛ්‍යාත පාලන විසඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කරමින් සබඳතා සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන ගෝලීය ඉහළ තාක්ෂණික ආයතනයකි. රෝයල් ෆර්න්වුඩ් විසින් නිෂ්පාදනය කර තිබෙන මෙම හීටර් ඉන්සියුලේටරය උෂ්ණත්ව කුහර තුළ භාවිත කරන අතර එය සෙල්සියස් අංශක ඍණ 60 සිට සෙල්සියස් අංශක 120ක් දක්වා භාවිත කළ හැකි අතර එය රත්කරනු ලබන්නේ තෙකලා විදුලි බලයෙනි. ඉතාමත් තදින් රත්වීම සිදුවන උපකරණවල හීටර් කොයිල් එක රැඳවීම සඳහා මෙම හීටර් ඉන්සියුලේටරය භාවිත කරයි.
රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් සමාගම මෙම හීටර් ඉන්සියුලේටරය හඳුන්වාදීමත් සමග පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සිට පෝසිලේන් ආශ්‍රිත සියලුම නිෂ්පාදන සිදුකරන සමාගමක් බවට පරිවර්තනය වී තිබේ. සමාගමේ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගැනීමට තිබෙන හැකියාව තුළින් මෙම පරිවර්තනයට මග පෑදී තිබෙන අතර ඕනෑම පෝසිලේන් නිෂ්පාදනයක සිට පෝසිලේන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දක්වා මේ තුළින් සමාගමේ ධාරිතාව වර්ධනය වී තිබේ.
“නව නිෂ්පාදන සිදුකිරීමට නැවුම් අවස්ථා සහ නව්‍ය ක්‍රමවේද පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ආයතනයක් ලෙස මෙම උපකරණය වෙළෙඳපොළට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා.” යනුවෙන් මෙම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, යොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නවසීලන්තයේ රැකෝන් සමාගමට රෝයල් ෆර්න්වුඩ් හීට් ඉන්සියුලේටරයක් නිපදවයි