(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් මත නාවලපිටිය නගරයේ සුපිරි වෙළඳසැල් සංකිර්ණයේ වෙළඳ සංගමය විසින් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් අද(24) එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා වෙත ඔවුහු භාරදෙනු ලැබුහ.
නාවලපිටිය මහ රෝහලට ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල රෝහල් ගණනාවක සිට දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන අතර, රෝගීන් විශාල සංඛ්‍යාවක් නේවාසිකවද ප්‍රතිකාර ලබයි.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් මුලින් ඇතුළත් කරනු ලබන්නේ නාවලපිටිය මහ රෝහලටය.
නාවලපිටිය මහ රෝහලට නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමේ අවස්ථාවට රාජ්‍යය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්වූයේය. අමාත්‍යයවරයා විසින් රෝහල ඇතුළු නාවලපිටිය ප්‍රදේශයේ රාජ්‍යය ආයතන ගණනාවකට විෂබීජහරණ උපකරණ කට්ටල කිහිපයක්ද බෙදා දෙන ලදී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙයි