IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

(ඩයනා උදයංගනී)
 
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16)  දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදුයාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දී තිබේ.
 
දැනට ධීවර කටයුතුවල නිරතවෙමින් සිටින අය වේ නම් වහාම ගොඩබිම් හෝ ආරක්‍ෂිත ප‍්‍රදේශයන්ට පැමිණෙන ලෙස දැනුම්දීමක් කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
මේ හේතුවෙන් ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.



අදහස් (0)

නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site