(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් එම සරසවියේ සමාජ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි හෝමාගම මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි.
නවකවදය සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලීසියට කළ පැමිණිල්ලකට උරණ වී මෙම පහරදීම සිදුකර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නවක වද සිද්ධියකට ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයන්ට ගහලා
sisil Thursday, 03 November 2022 10:03 PM
විශ්වවිද්‍යාල තුළ නවකවද ක්‍රියාකාරිත්වයේ නායකත්වය ගැනීමට jvp සහ පෙරටුගාමින් අතර අර්බුදයක් මතුවන බවක් පෙනෙන්නට තිබේ
Kumar (Gulf) Thursday, 03 November 2022 10:48 PM
ANTHARE Thugs.
පිටරැටියා Friday, 04 November 2022 01:02 AM
රට හදන්ඩ පාරට බැහැලා අරගල කරන්නෝ අඩුම ගානේ විස්ව විද්‍යාල වල සිදු වෙන අමානුෂික නවක වදය ගැන හිතපල්ලා..ඒ තැන්වල ඉන්නේ ඇට,ලේ,මස් වලින් හැදුනු දෙමාපියන් ගේ දරුවෝ.ලෝකෙ සිෂ්ට සම්පන්න කිසිම රටක මේ වගේ දේවල් අහන්ඩවත් නැහැ.
""දසකයකට පෙර සිද්ධිය... Friday, 04 November 2022 01:10 AM
ඔය නවක වදය දීලා පුරුදු කිහිප දෙනෙක් එංගලන්තයටත් ආවා වැඩිදුර අධ්‍යාපනය කරන්න. ඒ කාලයේ මම ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ... අපේ සිංහල කණ්ඩායම එකමුතුව ඉන්නකොට කැන්ටිමේ එකට ඉඳගෙන කෑම කන ගමන් මේ කිහිප දෙනා ඇවිල්ලා " පටන් ගමු මෙහෙත් නවක වදය " කියලා සිංහලෙන් කෑගහලා උන් හිස් පිඟන් අරන් ඇවිල්ලා අපි සල්ලි ගෙවලා ගත්තු චිකන් කෑම උන්ගේ පිඟන්වලට බලෙන් දාගෙන කෑවා! අපි බයෙන්ම නිශ්‍ෂබ්දව නිහඬ උනා ආව වැඩේ කරගෙන ලංකාවට යනවා කියලා... සතියක් විතර මේ පාහර වැඩේ උන් කරා ... ලංකාවෙන් විශ්ව විද්‍යාල ඉගෙන ගන්න එන සිංහල අයට කුලියට නවාතැන් ලාබෙටම ඒකාලේ දීලා තිබුනේ දෙමළ අය... හේතුව ඒ අයට ඒක අමතර ආදායමක් නිසා. ඒ දෙමළ අය මේ ප්‍රශ්ණය දැනගත් දවසේ කැන්ටිමට ඇවිල්ලා කීවා මහත්තයා වැඩේ කැතයි... වෙන රටවල ඉගෙන ගන්න අයත් ඉන්නව නේද... බලන්න ඒ අය ඔය වගේ හැසිරෙනවද කියලා.. උන් ඒත් නැවැත්තුවේ නැහැ. පසුව දවසක කැම්පස් ඉවර වෙලා රෑ කලුවරේ උන් යන ගමන් ඔලුව වහගෙන ගිය දෙමළ මිනිස්සු ටික උන්ව අල්ලලා උන්ගෙ අත් ගඩොල් බැම්මක් උඩ තියලා ගඩොල් වලින්ම ගහලා තලලා දැම්මා..! අන්න නවක වදය " අත් තලලාම " නැවැත්තුව හැටි..! මුන්ටත් එහෙම කරලා දාන්නකෝ..!
Bamunuarachchi Friday, 04 November 2022 07:18 AM
දෙමාපියවරුනී ඔබලා එකතුවී මේ දරිද්‍ර තාවෙනේ පෙලෙන ඇති එකාට ඊර්ශියා කරන නවක වද කාරයින්ව මැඩපවත්වන්න පාතාලයට ජොබ් එක බාරදෙන්න
Bamunuarachchi Friday, 04 November 2022 07:19 AM
මගේ ළමයෙකුට නවක වාදය දුන්නානම් දුන්න එකා සදාකාලික අබ්බගාතයෙක් කරනවා.
Chinthaka Friday, 04 November 2022 10:53 AM
මෙතන තියෙන්නේ ඉරිසියාව සහ හීනමානය... නවක වදය දීලා මේ අය කාලකන්නි සතුටක් ලබනවා.. පෙරටුගාමී සහ 3% ජේවීපී එකේ අතකොලු මොවුන් තමයි. සදහටම මොවුන්ගේ ශිෂ්‍ය භාවය නැතිකරලා දමන්න. කිසිම රැකියාවකට යන්න බැරිවෙන්න නීති දැමිය යුතුයි.
නිහාල් Friday, 04 November 2022 01:29 PM
සාමාන්‍යයෙන් නව කණ්ඩායම් බඳවාගන්නා කාලයේ දී මෙවැනි පුවත් අසන්න සලස්වා ශිෂ්‍යයින් පුද්ගලික විශ්ව විද්‍යාල වෙත හරවා යැවීමේ වැඩපිළිවෙල පවතියි. ඒ නිසා ඉතා කල්පනාවෙන් සිටින්න..