IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නවක වදයට රජයෙන් කිසිම සමාවක් නෑ

(අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 

 වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. 

නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරිය, නව පුස්තකාල පරිශ්‍රෙය් නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය. 

"රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්ව විද්‍යාල පත් කිරීමයි.  විශ්වවිද්‍යාල හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ  සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම තමයි රජයේ අපේක්ෂාව,  පසුගිය කාලවල අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යාප්ත වුණා. නමුත්  එහි ගුණාත්මක භාවයට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ. 

 අපගේ විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයින් විශ්වාසයකින් යුතුව ලෝකයට මුහුණ දීමට සූදානම් බව අප සහතික  කළ යුතුයි. 

 ඉදිරි වසර කිහිපය තුළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ පවතින බවට සහතික කරමින් පශ්චාත් උපාධි, ගුරු පුහුණු විශ්වවිද්‍යාල බවටත්, පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන බවටත් පත්කිරීම අවශ්‍යයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (7)

නවක වදයට රජයෙන් කිසිම සමාවක් නෑ

Aruna Sunday, 03 August 2025 01:36 PM

තමුන්ගේ පක්ෂයේ අය හදාගත්තා නම් කෙටියෙන් ප්‍රශ්නේ විසඳෙනවා...

:       2       20

අන්_ර Sunday, 03 August 2025 01:37 PM

නවක වදයෙන් තොර කැම්පස් දේශපාලනයක් අපි නම් දන්නේ නෑ. ඒ නිසා ඔයාට ඕක නවත්තන්න දෙන්න බෑ...

:       9       11

Saman Sunday, 03 August 2025 03:13 PM

කියන්න නම් ලේසියි... නෝනේ කරන්න තමයි අමාරු...

:       3       15

Gihan Sunday, 03 August 2025 03:33 PM

කටින්ද දන්නේ නෑ කතා කරන්නේ...? දෙක වසර ළමයෙක්ගෙන් අහන්න කවුද නවක වදය කරන්නේ කියලා...

:       2       20

Neel Sunday, 03 August 2025 06:36 PM

ලංකාවේ ඉන්න බයියන්ව හදන්න පුළුවන්ද?

:       7       5

Jothendra Monday, 04 August 2025 03:16 PM

Neel, බයියන් හදාගන්න පුළුවන්. ඒත් සම හරක් මීහරක් ඉන්නවා හදාගන්න බෑ. මොකද උන් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.

:       0       0

සමන්ත Tuesday, 05 August 2025 08:40 AM

හොඳ තීරණයක්, සාර්ථක වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 56 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site