IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ

(මංගල එදිරිසිංහ)                                                                                                                                              

අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත ඔවුන් සේවයෙහි අනියුක්ත කරන බවද කළුබෝවිල මහතා කියයි.

අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවර‍ැ118  දෙනා  කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබමින් සිටි අය වෙති.   

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  50දෙනෙකු ද, කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා 47දෙනෙකු  ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා 21දෙනෙකු ද මෙලෙසින් සේවයේ පිහිටුවන බවද, ඔවුන් සියලු දෙනා හෙට (15) සිට අදාළ දිස්ත්‍රික්කවල කොරෝනා  මර්දන කටයුතු සඳහා සිය උපරිම කාර්යක්ෂමතාවය යොදවමින්  සිය රාජකාරි කටයුතු  ආරම්භ කිරීමට කිරීමට නියමිත බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site