(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරිණි.
ඉතා නවීන පහසුකම්වලින් සමන්විතව පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය නවීකරණය කර තිබේ.
පාර්ලිමේන්තුවට රූපවාහිනී හා ගුවන්විදුලි පටිගත කිරීමේ මැදිරියක් ලබාදීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වරටය.
මෙය නවීකරණය කර ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ (USAID) දායකත්වයෙනි.
මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරුන් වන කුෂානි රෝහණදීර, ටිකිරි ජයතිලක, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රීඩ් ඇශිල්මාන් යන මහත්ම මහත්මීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ