(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
යුද හමුදාවට අයත් කන්ටේනරයක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයෙදී අද (26 ) පෙරැළී ගිය බව කරුවලගස්වැව පොලිසිය කියයි.
කටුනායක ගුවන් තොටුපල සිට යාපනය කොඩිකාමන් නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කරමින් තිබු යුද හමුදාව කුලි පදනමට ලබා ගෙන තිබු කන්ටේනර් රථය රථයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කර ගැනිමිට නොහැකිව මාර්ගය වසා දමමින් පෙරැළී ඇති බව පොලිසිය කියයි.
ලෙබනන් සිට අද අලුයම ශ්‍රී ලංකාව පැමිණ තිබු 179 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට පැමිණිමේන් පසුව නිරෝධායනය සදහා යාපනය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව කියයි.
මෙම පිරිස බස් රථ මගින් යුද හමුදා ආරක්ෂාව යටතේ යාපනයට රැගෙන යමින් තිබු බවත් මොවුන්ට අයත් ගමන් මළු අනතුරට ලක්වු කන්ටේනර් රථයේ යාපනය දක්වා රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් එකවර රෝදයක් පුපුරා යාමේන් පසුව රියදුරා රථය පාලනය කර ගනිමින් මිටර් 200 කට පමන දුරකට පාලනය කර තිබුනද ඒ සමඟ අනෙක් ටයරයද පුපුරා ගොස් යාමේන් පසුව එය පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මාර් ගයේ කිසිවකු ගමන් කර නොතිබිම නිසා ජීවිත හානි හෝ වෙනත් හානියක් සිදුව නැති බව කියයි. අදාල කන්ටේනර් රථය මාර් ගයෙන් ඉවත් කිරිම සදහා යුද හමුදාව හා පොලිසිය කටයුතු කරමින් තිබුණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කළ කන්ටේනරයක් කරුවලගස්වැවදී පෙරැළෙයි