
(ගයාන් සූරිය ආරච්චි)
ගලේවෙල, අමුණයාය ප්‍රදේශයේ පුරාවස්තු ගොඩ ගැනීම සඳහා දඹුල්ල පොලිසිය තුළදී කැනීම් කිරීම් සැලසුම් කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ (20 ) ගලේවෙල පොලිසිය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගලේවෙල අමුන යාය ප්‍රදේශයේදී ඉකුත් මාර්තු මස දිනෙක සැකකරුවන් පුරාවස්තු සොයමින් සිටින අවස්ථාවේදී ගලේවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වැටළු අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී තවත් සැකකරුවන් පස්දෙනෙකු පලා ගොස් තිබූ අතර අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයාද පලා ගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd