IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි

(නාලක සංජීව දහනායක)

 

රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගිය වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතාම අවම මට්ටමක පැවැතීම නිසා පසුගිය වසරේ අගෝස්තු මස සිට සංචාරකයන් මෙරටට පැමිණීමේ නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.  

එම නිදහස් වීසා කාලය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමතව තිබුණි. නමුත් මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇතත් එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නිදහස් වීසා කාලය ලබාදෙන බව අමාත්‍යවරයා කීය.  

ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 ක් සඳහා මෙම නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.

 



අදහස් (0)

නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 268 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site