IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාත්තන්ඩිය කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු අයි .ඩි.එච් යවයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
මේ වන විට කොරෝනා ආසාදිතයකු  බවට හඳුනාගෙන ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙ‍කු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ  අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් ෆාරුක් නැමති ව්‍යාපාරිකයා 26 දින රෝහල් ගත කිරිමේන් පසුව හදුනාගෙන තිබුණි
 
අදාල ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික කටයුත්තක් සදහා පසුගිය 12 දින ඉන්දියාවට ගොස් නැවත ශ්‍රී ලංකාවට 13 දින පැමිණ ඇති බවත් ඉන් පසුව මොහු ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව දෙකකට සහභාගිවි ඇති බවත් ඒ සමගම ප්‍රදේශයේ පවුල් රැසකට ආහාර මළු ලබා දිමට ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ අනාවර්ණය කරගෙන ඇති බව කියයි.

කෙසේ නමුත් අදාල ව්‍යාපාරිකයා කොරෝනා අසාදිතයකු බවට හදුනාගෙන දින කිපයකින් පසුව ඔහුගේ බිරිදද රෝහල් ගත කිරිමේන් පසුව ඇයද ‍කොරෝනා ආසාදිතයකු බවට හදුනාගෙන ඇති තිබුණි .
 
ඒ සමගම මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි මාස තුනක බිළිදියක් හා ඔහුගේ බැණා සහ තවත් ‍දෙදෙනෙකු  අදාල ව්‍යාපාරිකයාගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී  ඊයේ (29 ) දින රාත්‍රි 10 පමණ ආසාදිත රෝග ලක්ෂණ මතු කිරිමේන් පසුව හලාවත මහ රෝහලේ නව කොරෝණා ඒකකයට ඇතුලත් කර තිබුණි.
 
සිව් දෙනා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ තදින් පෙන්විමත් සමග වහාම අද  උදෑසන අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට යැවිමට කටයුතු කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය වැඩි දුරටත් පැවසිය.



අදහස් (3)

නාත්තන්ඩිය කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු අයි .ඩි.එච් යවයි

de silva Monday, 30 March 2020 11:28 AM

මොකක්ද මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට හැදිලා තිබෙන පිස්සුව ? රට ඉඳල ආවා නම් ඇදිරිනීතිය දමල තිබෙන අවස්ථාවේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව රට වටේ ඇවිදින්න යන්නේ? බේරුවල, අටළුගම, අකුරණ , හලාවත , නාත්තන්ඩිය මේ ගොල්ල කවුරුවත් රටේ නීතියට ගරුකරන බවක් පෙනෙන්නේ නැහැ. මේ ගොල්ලට හරියන්නේ අර අතපය කපන අරාබි නිතිය... සෞදියේ එහෙම මෙවිදිහට නීති නොතකා රට වටේටම කොරෝන බෙදමින් ගියානම් වහාම හිස ගසා දමාවි , එහෙම නැතිනම් කකුල් දෙකම කපල දමාවි .ඇවිදින්න බැරි වෙන්නම...

:       98       0

KamalTuesday, 31 March 2020 04:39 PM

කොරෝනා හැදිලා ඉන්න අය ඔක්කොම මුස්ලිම් අයද?

:       0       0

Nuwan Monday, 30 March 2020 11:35 AM

අනෙත් කොරෝනා රෝගීන්ගේ නම් ටිකත් පලකළාද?

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13818 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site