IMG-LOGO

‘‘නගර වැසීමේ විලාසිතාවට අපි අහුවෙන්නේ නෑ‘‘

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රැල්ලෙන් රැල්ලට නගර වැසීමේ විලාසිතාවට බණ්ඩාරගම නගරය නතු නොකරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් බණ්ඩාරගම නගරයේ වෙළඳසැල් වැසිය යුතු ද ? නැද්ද ? යන්න බණ්ඩාරගම වෙළඳ සංගමය හා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කීය.

බණ්ඩාරගම නගරයේ සියලුම වෙළඳ වෙළඳ ප්‍රජාවටත් මේ වන විට එන්නත් දෙකම ලබා දී තිබෙනවා .පෙට්ටි කඩේ සිට සුපිරි වෙළඳසැල දක්වා .ඒ වගේම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සියයට 70 කට අධික ප්‍රමාණයකට එන්නත ලබා දීලා තිබෙනවා .ඒ වගේම එන්නත් කරණයත් ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතිනව.

බණ්ඩාරගම නගරයේ පමණක් නොව ඕනෑම නගරයක වෙළඳසල් වැසීමෙන් කොරෝනා වයිරසය පාලනය කරන්න බැහැ .ඒකට තමන්ම ස්වෙච්ඡාවෙන් සෞඛ්‍ය පුරුදු නිවැරදිව වගේම සංචරණ සීමා සිදුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකීමෙන් වයිරසය පැතිරීම වළක්වා ගන්න පුළුවන් .

දවසක්, දෙකක්, දවස් දහයක් මෙලෙස වෙළඳසල් වැසුවොත් නැවත මෙම වෙළඳ සැල් විවෘත කරන විට මේ කොරොනා වසංගතය අවසන් වෙලා තියෙනවා නම් වෙළඳසැල් වැසුවට කමක් නැහැ.

විශේෂඥ වෛද්‍යවරු කියන්නේ තවත් වසරක් දෙකක් යනකන් මේ කොරෝනා වයිරසය සමග අපට ජීවත්වෙන්න වෙනවා කියලා.කොරෝනා වසංගතය සමග අපිට ජීවත්වෙන්න හුරු වෙන්න වෙනවා.

තත්ත්වය එසේ නම් රැල්ලක් ලෙස නගරවල වෙළඳසැල් වසා ගෙන යන එක තේරුමක් නැහැ, පලක් නැහැ.කොරෝනා වසංගතයක් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න හුරු වෙමු,පුරුදු වෙමු,

 



අදහස් (2)

‘‘නගර වැසීමේ විලාසිතාවට අපි අහුවෙන්නේ නෑ‘‘

pakeer Thursday, 19 August 2021 12:50 PM

වසරක් දෙකක් ?පිස්සුද හලෝ .මේක අඩු ගානේ තව අවුරුද්දු 20 ක් තියෙනවා .

:       2       6

de silva Thursday, 19 August 2021 06:35 PM

සර් සමග කඩේ යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site