( සිතුම් චතුරංග)
මසුන් ඇල්ලීමට ගොස් අනතුරට ලක්ව අතුරුදහන්ව සිටි පුත්තලම ප්‍රදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් මන්නාරම සිලාවතුර වෙරළට ආසන්නයේදී සොයාගත් බව සිලාවතුර පොලිසිය පවසයි.
සිලාවතුර ධීවරයින් පිරිසක් මසුන් ඇල්ලීමට මුහුදු ගිය අවස්ථාවේ පාවෙමින් තිබූ මළ සිරුර දැක පොලිසිය දැනුම්දී ඇති බවද පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයා පුත්තලම ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර එහිදී ඔහු සහ බෝට්ටුව අනතුරකට ලක්ව දින ගණනක් අතුරුදහන්ව සිටි ධීවරයකු බවද පොලිසිය සඳහන් කළේය.
එලෙස අතුරුදහන්ව මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි රාමයියා ජේසුදාසන් නමැති 47 හැවිරිදි පුද්ගලයෙකුගේ වේ.
පසුගිය 08 වැනිදා පුත්තලම ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගොස් සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා බෝට්ටුවෙන් ඇදවැටී අතුරුදහන්ව සිටි බවට පොලිසිය වෙත පැමිණිළි ලැබී ඇතැයිද බවද පොලිසිය පැවසූහ.
නාවික හමුදා සහයෝගයෙන් ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකෙරිණ.සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ධීවරයකුගේ සිරුරක් සිලාවතුර වෙරළේ