
මහනුවර පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ 8 වැනි කලා මංගල්‍යය ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලැත්තෙන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා එම විද්‍යාලයේදී පැවැත්විණ.
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ශාන්තිකර්මයක් වන කිරි කොරහා නැටුමෙන් විද්‍යාලයේ දූ දරුවන් ඇතුළු සපැමිණි සියලුම දෙනාට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් කලා මංගල්‍යයය ආරම්භ කෙරිණි.
විද්‍යාලයේ දරු දැරියන් විසින් සංගීත, නර්ථන, චිත්‍ර, නාට්‍ය, ඉංග්‍රීසි භාෂා ඇතුළු විවිධ අංගයන්ගෙන් කුසලතා ඉදිරිපත් කිරීම විශේෂ ලක්ෂණයක් විය. එහිදී 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා තරග ශීර්ෂ 14 ක් යටතේ කුසලතා දැක්වූ ජයග්‍රාහකයන්ට ආදිවාසී නායක වන්නිලැත්තතන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.
ධීරානන්ද විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් මෙම කලා මංගල්‍යය සංවිධානය කෙරිණි.


COMMENTS