
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ධනුෂ්ක ගුණතිලකට සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබේ. ඇප ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට අවශ්‍ය බැවින් එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ගුණතිලක හට ලබා දී ඇති අතර ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය .
නඩුව අවසන් වන තෙක් ඔහුගේ වියදම් දැරීමටද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබේ.
ධනුෂ්ක ගුණතිලක මහතාට එරෙහි නඩුව නැවත වරක් ජනවාරි 12 කැඳවීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.