
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට අද (10) රාත්‍රි ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එම මහතා පදිංචිව සිටින රත්මලානේ පිහිටි නිවසට අද (10) රාත්‍රී 8.15 පමණ කඩා වැදුණු පාතාලයට සම්බන්ධය යැයි කියන කණ්ඩායමක සිටි අයෙකු විසින් හිසට එල්ල කරන ලදැයි කියන කඩු පහරින් බේරීම සඳහා සාවිත්‍ර මහතා එක් අතක් එසවූ අවස්ථාවේ එම කඩු පාර එම අතට වැදී තුවාල සිදුවී ඇතැයි දැන ගැනීමට ඇත.
මෙම පාතාල කණ්ඩායමටද ඒ මහතා පහර දී ඇතැයි පැවසෙන අතර එම පහර දීම හමුවේ පාතාල කණ්ඩායම පලා ගොස්ඇතැයිද කියති.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.
ධනංජය ද සිල්වා මහතාගේ සහ සාවිත්‍ර මහතාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදු ජන පෙරමුණේ නාගිරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් ද සිල්වා මහතාද 2018 වසරේ දී පාතාල වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වීම මියගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
912
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්
sam Saturday, 11 January 2025 06:08 AM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. ඔය හාදයත් ඕවට සම්බන්ධ ඇති...
Lalla Saturday, 11 January 2025 12:07 PM
ශ්රී ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගමේ කණ්ඩායමේ මැර කල්ලි සාමාජිකයෝ ඉන්නවා කියලා නේද කියන්නේ...?