IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දේශපාලන පළිගැනීම් ගැන සොයන්න ජනපති කොමිසමක්

(විනීතා එම් ගමගේ)

           

දේශපාලන පලි ගැනීම්වලට ලක්වූ රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ සියලූ දෙනාට සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා පනත යටතේ මෙම කොමිෂන් සභාව පිහිටුවන අතර එය ඉදිරි සති හය ඇතුළත එකී කොමිසම පිහිටුවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

මෙය විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වන බැවින් එහි දී වැරදිකරුවන් බව අනාවරණය වන පුද්ගලයින් වේ නම් ඔවුන්ට නීතියෙන් දඬුවම් දිය හැකි වන බව ද අබේවර්ධන මහතා කීය.

මෙම කොමිසම පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

රටේ  පවතින නීති සහ නීති ක‍්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් යොදා  ගනිමින් නීති විරෝධී ආයතන බිහිකරගනිමින් රාජ්‍ය සේවය අර්ධ රාජ්‍ය සේවය පෞද්ගලික අංශය හා ආගමික කෙෂත‍්‍ර පමණක් නොව විවිධ සේවා සැපයූ ආයතන පවා පීඩාවට පත්වන අන්දමින් පැවැති රජය ඉකුත් වසර පහ තිස්සේ කටයුතු කර ඇතැයි කී අබේවර්ධන මහතා පළිගැනීම්වලට ලක්කළ යුතු පුද්ගලයන් කවුදැයි කලින් තීරණය කර ව්‍යාජ චෝදනා ගොනු කර අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමට හෝ මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමුකරනු සඳහා හිටපු අගමැතිවරයාගේ විෂය පථය යටතේ දූෂණ විරෝධී කාර්යංශය නමින් විශේෂ පළිගැනීමේ ඒකකයක් ක‍්‍රියාත්මක  වී ඇතැයි ද සඳහන් කළේය.

අල්ලස් කොමිසම මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් නිමකරනු ලැබූ හෝ සිදුකරමින් පවතින සියලූ පරික්ෂණ හා විමර්ශනයන් පිළිබඳ අගැයීමක් කිරීමටත් එහි දී ඉලක්ක කළ පුද්ගලයින් පළිගැනීමට ලක්කරනු පිණිස නිසි ක‍්‍රියාවලියෙන් බැහැරව කරනු ලැබූ උපදෙස් මත පරික්ෂණ ආරම්භ කලේ ද යන්නත් මෙම කොමිසමෙන් සොයා බලනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (0)

දේශපාලන පළිගැනීම් ගැන සොයන්න ජනපති කොමිසමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site