
(යොහාන් භාසුර)
රටට අහිතකර ගිවිසුම් හරහා මෙරට ඉන්ධන අළෙවිය විදේශ සමාගම් හතරකට පවරා තිබීම හේතුවෙන් ඉන්ධන මිල ජනතාව බලාපොරොත්තු වන ආකාරයට අඩු කළ නොහැකි බවත් ඉන්ධන මිල අඩු කළහොත් අදාල සමාගම්වලට වූ පාඩුව බලශක්ති අමාත්‍යංශය ගෙවියයුතු යැයි ගිවිසුම්වල සඳහන්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) පැවසීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද (4) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමෙන් සමාගම්වලට පාඩුවක් වූයේ යැයි එය ගෙවන ලෙස මේ වන විටත් ඇතැම් සමාගම් බළශක්ති අමාත්‍යංශයට වියදම් වාර්තා ඒවා ඇති බව කී රාජකරුණා මහතා මෙම ගිවිසුම් වසර 20 ක කාලයක් සඳහා අස්සන් කර ඇති බව ද සඳහන් කළේය.
දේශපාලන හේතූන් මත අස්සන් කළ මෙම ගිවිසුම් හේතුවෙන් එකවර ඉන්ධන මිල අඩු කළ නොහැකි බවත් ඒ පිළිබඳව කළහැකි දේ පිළිබඳව සළකා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ නීති අංශය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
දේශපාලන සංවිධානය කටයුතු කරන ආකාරයට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව කී සභාපතිවරයා පැවසුවේ ඉතාම පරිස්සෙමින් මේ පිළිබඳව කටයුතු කරමින් සිටින බවත්ය.
ඉන්ධන මිල අඩු කළ පසුව ඔවුන්ගේ පිරිවැය ඉහළ ගිය බවට දැනුම් දෙන බව කී සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම විදේශ සමාගම් සමඟ තිබෙන ගිවිසුම් දැඩි බාධාවක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රය අනුව මුදල් අමාත්‍යංශය මිල තීරණය කරන බවත් ඉන්ධන සම්බන්ධයෙන් බදු පිළිබඳව මුදල් අමාත්‍යංශය තීරණයන් ගතයුතු බවත් රාජකරුණා මහතා කීය.
මෙම එක සමාගමක් ‘සිපෙට්කෝ’ ලාංඡනය යටතේ මේ දක්වා ඉන්ධන අළෙවි කරමින් සිටින බවත් ඔවුන් වාහාම එය වෙනස් කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ මහතා කීය.
මිල සූත්‍රය මත සුපිරි ඉන්ධන වර්ග දෙකේ මිල හෝ අඩු නොකළේ නම් එම වාසිය ද විදේශ සමාගමවලට හිමිවන බව කී ඒ මහතා ඉන්ධන මිල සූත්‍රට අනුව ගණනය කිරීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් නොවන බව ද සඳහන් කළේය.
ගුවන්යානා සහ නෞකාවලට ඉන්ධන සැපයීමෙන් තෙල් සංස්ථාව මීට පෙර ඩොලර් ඉපයුව ද පසුගිය ආණ්ඩු එම අවස්ථා වෙනත් පාර්ශවයන්ට දීමෙන් විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එම අවස්ථාව ද නැවත සිපෙට්කෝ වෙත ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.

COMMENTS
අර කාලකණ්නි දෙන්නා රටට කළ විපත, තමන්ට ලැබෙන කොමිස් මුදල වෙනුවෙන් මුළු රටක්ම සමාගම් හතරකට පාවලා දීලා. තව එනවා අත්දැකීම් ගැන කතා කරන්න. ඔබලාට හොඳ අත්දැකීමක් ලබන්න පුළුවන් ලබන 14 වෙනිදාට....!
ඔන්න ඇත්ත. ආනන්ද පාලිත කියන්නේත් ඕකම තමයි. ඒක නිසා වැලලෙන්නේ නැතිව ඕවා වෙනස්කරනකන් ඉවසන්න. කවුරුත්හරි මේ කියන එක වැරැදි නම් අභියෝග කරන්න...!
තවත් නාටකයක ආරම්භය.
අනේ ඕවා හොඳයි හරක්ට. යකෝ මිල අඩු කරන්න බැරි නම් පොදු ප්‍රවාහන වලට සහනයක් දෙන්න ඔය ලබන ලාබෙන්. සිපෙට්කෝ එක කෝටි ගානක ලාභයක් ලැබුවා කිව්වා නේද? බැරි බැරියාවම කියවනවා. බලේ ගනිද්දී ඔය රෙද්දවල් තේරුනේ නෑද?
මොකක්ද කියන්නේ? සුත්‍රයෙන් අඩු කරන්න පුළුවන්නේ සමාගම්වලට පාඩු වෙන්නේ නැතුව... ඉස්සර වගේ වියදමට අඩුවෙන් විකුණන්න බැහැ. දැන් කියන එකනේ මේ කියන්නේ. නැත්තන් හෙජින් කරලා තියෙන්න ඕනේ. මිනිස්සුන්ට බොරු කියන්න එපා. දැන් දේශපාලන ගේමේ ගහන්න බැහැ මිලත් එක්ක. ඒක හොඳ දෙයක්...
සමාගම් කීපයක් ගැන ගුණ වර්ණනා කරකර ගිවිසුම ගහනකොට ඒ කාලේ ඕවා කිව්වා. යට ගේමක් යනවා කියලා. පවුසි එක පාරක් වැඩේ දුන්නා. මේ පවුසි අංක දෙක.. විදුලියටයි.. තෙල් වලටයි වැඩේ දුන්නා...!
ඔය ගිවිසුම් සියල්ල ඒ කාලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නේද? එතකොට දැන් රට පාලනය කරන අම්බරු තුන්දෙනා පාර්ලිමේන්තුවේ නිදියගෙනද හිටියේ? තෙල් මිල සීයකින් අඩුකරන්න පුලුවන් කියලා කිව්වේ රවට්ටන්නද?
හැබැයි කීවෙ අපි ආපු ගමන් IMF එකටත් උඩින් යනවා කියලා...
හානේ මොනරවිලයි, සෙනෙවිරත්නයි තාම ජීවත් වෙනවානේ. අපි හිතුවා බිත්තර, පොල්, හාල් මිල දැකලා දුකට මලාද කියලා. කඩේ යනවා නේ. එල එල. යන එක යනවා ආයි ලොවෙත් නැති වෙන්න.
කවුරු හරි ඔය ගල උස්සලා මගේ කරෙන් තියාපල්ලා. මම කිව්වේ ගිහින් දානවා කියලා විතරයි. උස්සලා කරේ තියාගන්න එක මගේ කාරියක් නෙමේ ආයුබෝවන්ඩ..!
මොවුන් දෙන්නා නම් මේ මයික් පලන්නේ තෙල් සංස්ථාව ලබන බිලියන ගාණක ලාබේ නිසා ඊළඟ නත්තලට හම්බෙන කෝටි ගාණක බෝනස් වලට ආදරෙන් වගේ. කමක් නෑ, ඔබලා නත්තල් කයි.., මාලිමාවට ඡන්දෙ දීපු අහිංසක මිනිස්සු ලෙවකයි. ඒවා නම් පව් වැඩ හැබැයි...
අනේ මන්දා ඡන්දයට කළින් කිව්ව ඒවා දැන්...?
වරදකරුවෝ හොයලා ඔවුන්ගෙන් ඒ මුදල අයකරගත්තා නම් තමයි හොඳ...
වැඩි මිලට ගත්ත තෙල් අඩු මිලට දෙන්න ගියොත් අලාභයක් වෙනවා තමයි, ඒත් අඩු මිලට ගත්ත තෙල් අඩු මිලට දෙන්න තියෙන බාධාව මොකක්ද? රටට තෙල් ගෙනෙද්දි මෙච්චරයි මිල කියලා කොළඹ පුරා ඉස්සර පෝස්ටර් ගැහුවේ කවුද?
තාමත් දුශිතයෝ නිසා අපි විඳවනවා
ගිවිසුම් සංශෝධනය කරන්න. සමාගම් වලට තමන් කැමති මිලකට අලෙවි කරගන්න කියලා, සිපෙට්කෝ මිල අඩු කරන්න. ජනතාව කැමති තැනකින් ගනීවි.
අර කන්චනයයි ජොලියයි එකතුවෙලා කල විනාශේ ප්‍රසිද්ධ වේදිකාවක් හදලා මුළු ලංකාවටම දැනගන්න එලි කරන්න .