(අංජුල මහික වීරරත්න)
දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බව බව නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයකට සහභාගී වෙමින් එහි නිලධාරීන් අමතමින් පැවසීය.
දිනිඳු සමන් මහතා අද(14) ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ද සහභාගී විය.
මෙරට තාරුණ්‍ය වෙනුවෙන් පවතින ප්‍රධානතම ආයතනය ලෙස ජාතික තරුණ සේවා සභාව වර්තමාන තාරුණ්‍යයට ගැලපෙන තැනක් බවට පත් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ අභියෝග කළමනාකරණය කරමින් ජාතික තරුණ සේවා සභාව වසරක කාලයක් තුළ නව පියවර ගණනාවක් තබා ඇති බවයි.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේශපාලකයන්ගේ - රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ එකක් විය යුතුයි