
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂම ලෙස ඝාතනය කොට කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද(08) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරනය වැලැක්වීමේ පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රණේ පුර හේවගේ රුවන් චන්දන නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇන්ටනී පෙරේරා නමැති සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු හෙට(09) දිනයේදී හලාවත මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
2018.ඔක්තෝබර්.23 වන දින වීරපැල, බෝවත්ත, බිංගිරිය ලිපිනයේ පදිංචිව සිටි බැද්දරාලලාගේ සමන් විජේසිරි යන අය ඉතා සුක්ෂම ලෙස සහ සැලසුම් සහගතව ඝාතනය කර මරණකරුට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍ර මගින් පවරාගෙන භුක්ති විදීම සහ මරණකරුට අයත් ගිණුම් වලින් ව්‍යාජ ලෙස මුදල් ලබා ගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදු කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් සිදු කල විමර්ශනයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් 2021.09.27 වන දින අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය පොලිස්පති වරයා විසින් යොමු කරන ලද පැමිණිල්ල අනුව මෙම විමර්ශන සිදු කරන අතර 2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 5 දරණ මුදල් විශුද්ධි කරන පනත ප්‍රකාරව සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
maalaka Wednesday, 09 October 2024 05:24 AM
නීතිය ක්‍රියාත්මක වී සාධාරණය ඉටුවේවා.. අපරාධ කර සඟවා සිටීමට නොහැක..