
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6)දැනුම් දුන්නේය.
පනතේ අනුකූල නොවන කරුණු සංශෝධනය කළහොත් ගැටලුවක් ඇති නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති වන්නේ 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 යි.
කතානායකවරයා මෙසේ දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.
රටේ අල්ලස දූෂණ මැඩපැවැත්වීම සඳහා රජය විසින් මේ දූෂණ මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් මස 3 වැනිදා නිකුත් කෙරිණ.
පනත ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පනත විස්තර කරමින් පැවසූවේ අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණ නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමට පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.
මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් සහ ඇතැම් සිවිල් සංවිධානවලින් පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ලවිය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබයට