
(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හා හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇගයීමේ නිවේදන නිකුත් කොට තිබේ.
අද (14) පස්වරු 4.00 සිට හෙට (15) පස්වරු 4.00 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.