IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දිඹුලාගල‍ සෙල්ලිපිය මාසයක්ම කියවලා

(නිමල් ජයරත්න)

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර අද (17) අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියෝ පැවැසූහ.

දිගින් අඩි 50කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම දුර්ලභ ගණයේ විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි සැලකෙන බව 2023 ඔක්තෝබර් 26 වැනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අනාවරණය කර ගත්හ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ගල්වැවේ විමලචන්ති හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සංවර්ධන නිලධාරී කන්තලේ සුමිත්ත හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂ කෞශල්‍යා දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ පර්යේෂණ නිලධාරී තුෂාරි සහම්පති යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉකුත් 15 වැනිදා සිට සෙල්ලිපිය කියවීම් කටයුතු ආරම්භ කර අද 17 වැනිදා අලුයම් කාලය දක්වාම එම සෙල්ලිපිය කියවීමේ කටයුතු සිදුකළ බව රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.

 



අදහස් (10)

දිඹුලාගල‍ සෙල්ලිපිය මාසයක්ම කියවලා

Asela Monday, 17 June 2024 10:04 PM

ඉතින් මොනවද ඒකේ ලියලා තිබුනේ

:       0       4

Bandula Monday, 17 June 2024 10:59 PM

ඔය ගොල්ලෝන්ට ඕක කියන්න බෑ. භාගෙට භාගයක් වැරදි ඇති .බොරු කියයි අර ජයරත්න පති ආරච්චිට කියන්න .ඒ මනුස්සය ඕක හරියටම කියවයි.

:       6       6

රංබොඩ Tuesday, 18 June 2024 12:02 AM

මෙවැන් දෑ සොයාගෙන ජාතියට නැවත දායාද කළ මේ සියලුු විද්වතුන් ට මහා සංඝරත්නය ට ජාතියේ ප්‍රණාමය !

:       0       8

Jagath Tuesday, 18 June 2024 02:15 AM

හායි , කරුණාකර එහි ලියා ඇති දේ අපට කියන්න. කවුද මේක කරලා තියෙන්නේ? ඔබේ කණ්ඩායමේ මෙම ලිපි කියවිය හැක්කේ කාටද? අපේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාවක් ලෙස අපි එය දැන ගැනීමට කුතුහලයෙන් සිටිමු. කරුණාකර කණ්ඩායමේ ප්‍රධානියාගෙන් හෝ කණ්ඩායම් සාමාජිකයෙකුගෙන් මහජනතාවට දැනුම් දීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිය හැකිද? ස්තුතියි,

:       0       5

Prabha Tuesday, 18 June 2024 04:42 PM

හායි ජගත් ,ඒකේ කියලා තියෙන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේ කියලා

:       1       1

Cisco Tuesday, 18 June 2024 06:15 AM

කියවල ඉවර නම් අපිත් දළ අදහසක් වත් කියවන්න දෙන්න කියන්නකො.

:       0       5

ඉන්දික Tuesday, 18 June 2024 08:54 AM

සෙල් ලිපියේ සදහන් කරල තියෙන්නේ කුමක්ද කියලා ලෝකෙට කිව්වොත් ඉතාම හොදයි කියලා හිතනවා.

:       0       6

සත්‍යපාල Tuesday, 18 June 2024 11:46 AM

ලංකාවේ එවුන්ට අන්දකයිප්පුව. පුරාවිද්‍යා මහාචාර්ය කියනවට වඩා කට වාචාල පතිරත්න කියන එක හරි. ඩොස්තර කියන එකට වඩා හොර වෙදා හරි. ඉංජිනේරුවා කියන එකට වඩා මකබාස් හරි. බුද්දාගමේ කියන එකට වඩා දේවාලෙ හොට කපුවා පුසාරියා කියන එක හරි. විද්‍යාවෙ කියන දෙයකට වඩා නක්ශශ්ත්‍රකාරයා හරි. බැංකුව කියනවට වඩා පොලී මුදලාලි හරි. රැවටිලා රැවටිලා මියැදෙන ගොබ්බ රටක්. ඉල්ලන්නෙම අනේ අපිව රවට්ටපන් කියලා. ජානවලම වරදක්.

:       1       5

Hemantha Tuesday, 18 June 2024 11:48 AM

කියවලා දෙනකල් හිටපියව් තොපිලාට නූතන සිංහල භාෂාව වත් හරියට කියවගන්න බැරිව ඒ වැඩේ කරන්න යන අයට සහතික දෙන්න ඔබලා මොක්කුද?

:       2       3

Eranda Tuesday, 18 June 2024 02:39 PM

මේ විද්වත් කණ්ඩායම .... රටේ පවතින දේශපාලන තත්වය.... ආර්ථක තත්වය..... වගේ තවත් පරාමිතීන් සළකා බලා .... සෙල්ලිපිය පරිවර්ථනය කරනු ඇත. එවිට අපට ඇත්තටම මෙහි අඩංගු වූ කථාව කුමක්ද යන්න හරියටම දැනගැනීමට නොහැකිවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site