IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරගන්න ආණ්ඩුවක් ලෙස සමත් විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.

"රටට උදව් කරන ලෙස විපක්ෂ නායකතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.මේ ආපදා තත්ත්වය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලුවත් ඒකාධිපති ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නැහැ.මේ ව්‍යසනය ගැන දන්නේ 25 වෙනිදා යැයි මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශ කළා.

කාලගුණය සම්බන්ධව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි.එතුමාගේ දත්ත අනුව ආණ්ඩුව කටයුතු කළ යුතුයි.මේ කුණාටුව දකුණු ඉන්දියාවටත් ගියා.ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් විතරයි.කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරන්න පුළුවන්.කුණාටුව ගැන අනතුරු අඟවන්න පටන් ගත්තේ සති දෙකකට පෙර සිටයි.ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති බීරි මිනිස්සු දැයි මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.



අදහස් (4)

දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා

Naleen Friday, 05 December 2025 02:14 PM

මේ මිනිස්සු තවම කරන්නේ පරණ දේශපාලනය. කුණාටුව කොතරම් දුරට ඉන්දියාවට ගියාද කියලා මෙතුමාට දැනීමක් නැති බවයි පෙනෙන්නේ...

:       6       12

sujeewa Friday, 05 December 2025 02:48 PM

ආණ්ඩුව fail කියමුකෝ, එතකොට අත්දැකීම් තියන විපක්ශයේ කටිටිය මේක දැක්කේ නැත්ද, 21 රැස්වීමේදී මෙම පිළිබද කියන්න තිබ්බානේ. එහෙනම් ගොඩාක් කට්ටිය බේරා ගන්න තිබ්බා. මේක දැනගෙන කියන්නේ නැතුව හිටිය media කට්ටියත් වැරැදියි!

:       4       9

ජයනාත් Friday, 05 December 2025 03:24 PM

මේ මිනිහා දන්නේ නැත්ද සුලිකුණාටුව ඉන්දියාවට ඇතුළු නොවුණු බව... ඉන්දියාවට කිට්ටු කරණකොට දුර්වල වුණු බව... මේ වගේ මොංගල් ⁣එවුන් තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවානේ...

:       0       2

ඩෙල්ෆ් වැසියා Friday, 05 December 2025 03:27 PM

ඒකෙ පොඩ්ඩක් අපිටත් ආවා. මෙහේ මොකවත් වුනේ නෑ. ඉතිං අපි චෝයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 93 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site