(ඉන්දිකා රාමනයක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්වලට දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ බාල වයස්කාර දැරියක කෘරත්වයට පත් කළැයි බව කියන ඇගේ නැන්දා සහ ඊට අනුබල දුන් බව කියන ඇගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි.
13 හැවිරිදි බාලවයස්කාර දැරියක මෙසේ නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කෑම බීම පතා නොමැතිව කුස ගින්නේ සිටි බවට තොරුතුරු ලැබී ඇති අතර දැම්වැල් කඩාගෙන අසල නිවෙසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවෙසේ පිරිස පොලිසියට ලබා දුන් තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකණ්ණි නිසා තමයි ලංකාවට දියුණු වෙන්න බැරි... අනාගත පරම්පරාව කන්නේ මේ අය තමයි. මේ දැරිවියට යහපත් දෙයක් වේවායි පතමි..
අඩුමගානේ මේ නැන්දාගේ පින්තූරයක් හරි දැම්මානම් තමයි හොඳ...