IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන

 



(සුරංග රාජනායක)

රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි  ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.


මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි  තිස් එක් හැවිරිදි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

පැහැරගත් බව කියන වෑන් රිය කදුරුවෙල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇති අතර එහෙත් මෙහි ගිය පිරිස හා ගැහැණු ළමයා සොයාගෙන නොමැති බව පොලිසිය පවසන අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

ගැහැණු ළමයා පැහැරගෙන යාම පිළිබඳව ඇය නැවතී සිටි හපුගහතැන්න දෙහිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමිකරුවන්ගෙන් හා ඇගේ පියා මේ පිළිබදව දවුලගල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

දැරිවිය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයාට කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු හෝ පොලිසියට මේ වනතුරු පැමිණ නොතිබෙන බවද පොලිසිය සඳහන් කරයි.පැහැරගැනීම සිදුවන අවස්ථාව සි සී ටිවි කැමරා පද්ධතියකද සටහන්ව තිබේ.



අදහස් (9)

දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන

Pradeep Kumara Sunday, 12 January 2025 03:07 PM

"Clean Sri Lanka" වලින් මූලිකවම කරන්න ඕනෑ මෙන්න මේ වගේ අපරාධ නවතන එක සහ එවැනි පුද්ගලයින් සඳහා ලබාදෙන දඬුවම් දැඩි කිරීම. මොවුන් මේ වනසා දමන්නේ මේ රටේ අනාගතයයි.

:       13       58

ජිල්බු Sunday, 12 January 2025 04:56 PM

මේ අපරාධ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කට්ටිය නම් ඒ අයට පුළුවන් මේවා නොකර ඉන්න. එතකොට අපරාධ වෙන්නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ...

:       6       27

ගුණරත්න Sunday, 12 January 2025 06:08 PM

ඔය අපරාධකරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් දිය යුතුයි.

:       15       23

fairoos Sunday, 12 January 2025 07:42 PM

බය නැතිව මෙවැනි දේවල් කරන්නේ ලංකාවේ දඬුවම් ලිහිල් නිසා...

:       12       12

kamal Sunday, 12 January 2025 08:30 PM

මේ කාලේ පාරේ යනකොට තමන්ගේ ආත්මාරක්ෂාවට පිහිතලයක් වත් ළඟ තබා ගැනීම හොඳයි.

:       14       10

ජිල්බු Sunday, 12 January 2025 09:51 PM

බැරිවෙලාවත් පොලිසියෙන් ඇල්ලුවොත් අත කැපෙයි. තලේ විතරනෙ, මිට නෑනෙ. ඊට පස්සෙ අපරාධයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියල අපිව අත්අඩංගුවට ගනී. ඒක හින්ද සුද්ද කරපු නැති ටොයිලට් බ්‍රෂ් එකක් තියගත්තොත් ආරක්ෂාවට හොඳයි.

:       0       10

රුචිර Sunday, 12 January 2025 11:14 PM

පුද්ගලික පන්ති තහනම් කෙරුවනම් ඉවරයි. නිදහස් අධ්‍යනය කියන්නේ මොකද්ද.

:       0       1

බකල ජයාMonday, 13 January 2025 02:02 PM

නිදහස් අධ්‍යනය කියන්නෙ "ප"යන්න නැති නිදහස් අධ්‍යාපනයට.

:       0       0

J A S pushpakumara Friday, 28 February 2025 10:04 AM

අපේ ඒ කේ සහෝදරයා මේවට ඉක්මණට දඬුවම් දෙනවා. බලන් ඉන්නකෝ අපරාද කාරයින්ට වැඩි ඈතක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site