
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ඒඑම්සී කළ වෛද්‍යවරුන් හය දාහක් රට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් දෙකක් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩ වර්ජනයකට යන බව ජයවර්ධන මහතා පැවසීය.
ඖෂධ 131 ක් රෝහල්වල නැති වෙනකොට රෝගීන්ට ඒවා ගැනීමටසිදුවන්නේ ෆාමසි වලින් බවත් වෛද්‍යවරුන් තුණ්ඩු නොලියා ඉන්න විට සිදුවන දේ තේරුම් ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 04
233
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දොස්තරලා 6000ක් රට යන සූදානමක
SIRI Sunday, 23 November 2025 05:10 PM
මෙයාලාට හරි සතුටු ඇති. අනේද කියන්නේ?
tissa Sunday, 23 November 2025 05:11 PM
ඔය කතාව හැමදාම දොස්තර වර්ජනයකට කලින් එලියට දාන කතාවක්. අනික් කරුණ නම්, ඒඑම්සී පාස් වුණු පලියට ලංකාවේ දොස්තරලා 6000 කට ඔස්ට්‍රේලියාවේ රැකියා තියෙනවාද?
maalaka Sunday, 23 November 2025 05:45 PM
හරි සතුටු ඇති නේද?
Harry Sunday, 23 November 2025 06:04 PM
උබත් පලයන් මෝඩ හරකො රට ආපු එවුන් ගැන දුකයි උන්ව බල්ලෙක්වත් ගනන් ගන් නෑ
ජයම්පති Sunday, 23 November 2025 06:04 PM
වයිද්‍යවරයෙක් හැටියට කියන්නෙ, මේක අමූලික බොරුවක්. එහෙම දෙයක් වෙන්නේ නෑ. කියන්න දෙයක් නැතිකමට කියවෙන දේවල්.
කපුරුහාමි Sunday, 23 November 2025 06:40 PM
ගාන හරියටම දැන්ගත්තේ කොහොම ද දන්නේ නැහැ.හිටපු සව්ක්‍ය ඇමතියා කියපු කරපුවා ,බාල බෙහෙත් දීලා මිනිස්සු මරපුවා,ඇස් අන්දකරපුවා ගැන අහලාවත් නැතුව වගේ?
Srinath Sunday, 23 November 2025 06:42 PM
ගොඩක් හොඳයි,,, ඩොක්ටර්ස්ලා ගොඩක් දෙනෙක් නමට කලින් ඩොක්ටර් කෙනෙක්, ඒත් කවදාවත් හොස්පිටල් වල වැඩ කළේ නෑ,,, හොඳයි පිටරට ගිහින් වැඩ කරන්න ඔයාට තේරෙයි කොච්චර අමාරුද කියලා. ස්ට් රයික් නෑ, එහේ කාර් පර්මිට් නෑ,, වැඩ කරන්න කැමති නම් සාදරයෙන් පිළිගන්නවා, නැත්නම් ගෙදර යන්න
පන්සිළි Sunday, 23 November 2025 07:46 PM
වෛද්‍යවරයෙක් බිහි කරන්න ජාතියක් කොපමණ වියදමක් දරනවද ? රටෙන් තමන්ට ලැබුණු දේ අරගෙන තමන්ගෙන් රටට යමක් කළ යුතුයි නේද නොසිතා වෙනත් රටකට යනවනම් ඒක එයාලගෙ අමානුසික ගතියක්.
අබා Sunday, 23 November 2025 08:23 PM
උබලගෙ මහ උන් රට කාපු තරම තමයි.. ඇත්තටම දුකයි නං අහවල් දේ..
SL Sunday, 23 November 2025 09:02 PM
හරි , දැන් ඔයාල කියන්නකෝ මේ ප්‍රශ්නෙට උත්තරේ. ඒ උත්තරේ දුන්නහම ඊළඟට අනික් වුර්තිකයින් ඉල්ලන ඉල්ලී මුත් දෙන්න ඕනේ ද ? අපි තවම 2028 නය ගෙවන්න පටන් අරගෙනද ? ඒවාට සල්ලි හොයන්න ඕනෙද නැතිද ? ඔයාලට පුළුවන් උනාද , ඔයාල රටම බංකොලොත් කරානේ ,මහා බැංකුවටත් ගැහුවනෙ .ඔයාල පාලනය කරලා බංකොලොත් කරපු රටක් නේද මේක, ඔයාල සල්ලි විනාශ කරලා , අවුරුදු 5-5 ට කාර් පර්මිට් අරගෙන, ඒවා විකුණලා රටට ලැබෙන්න තියෙන අදායම් අහිමි කරලා කරපු විනාශේ ප්‍රතිපල තමයි අපි මේ භුක්ති විඳින්නේ.අපිත් කැමති දොස්තර ල ගේ පඩි වැඩි කරනවා නම්, ඊට පස්සේ නර්ස් ල , ඊට පස්සේ අටෙනඩන් , ඊට පස්සේ CEB , watar board දැනට පඩි වැඩි කරලා තියෙනවා නේ, හෙමිහිට මෙහෙම ගියොත් ,හැමෝම මහන්සි උනොත් රටේ ආර්ථිකය හොඳ උනොත් හැමෝටම හොඳයි
mangala Sunday, 23 November 2025 11:24 PM
යන එකයි තියෙන්නේ, ගිහින් පිටරටවල්වල කට්ට කනකොට තේරෙයි ලංකාවේ අගේ. මීට පස්සේ දොස්තරලට උගන්වන කොට බැඳුම්කරයක් ගන්න ඕන. මුන් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් ඉගෙනගෙන පිටරටවලට කඹුරන්නේ.
Rataviruwa Monday, 24 November 2025 12:12 AM
මේකට කෙටි කාලීන විසදුමක් ඕන. හැබැයි ඒක පඩි වැඩි කිරීම වත්, කාර් පර්මිට් වගේ පුද්ගලික වරදාන දීම වත් වෙන්න බැහැ. ඒ වගේම දීර්ඝ කාලීන විසදුමකුත් ඕන. මට නම් හිතෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් පිට වෙන හැමෝම ලංකාවේ අවම වශයෙන් සේවය කරන්ඩ ඕන කාලයක් ගේන්ඩ ඕන. නැති නම් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙද්දී යම් බදුම්කරයකට යටත් කරන්ඩ ඕන. එතකොට අඩුම තරමේ අධ්‍යාපනයට ගිය වියදම හරි පියවගන්න විදිහක් තියනවා. ඒ වගේම ආයුර්වේද, සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කරලා, මිනිස්සු ඒවට යොමු වෙන ක්‍රමයකුත් හදන්ඩ ඕන. සෞඛ්‍ය කියන්නේ MBBS වෛද්‍ය වරුන්ගෙන් පමණක් දුවන සේවයක් නොවිය යුතුයි. එකෙන් වෙන්නේ අනවශ්‍ය ඉල්ලුමක් වගේම, ඔවුන්ටත් අනවශ්‍ය පීඩනයක් එන එක. ඒ ඉල්ලුම අඩු කරාම ඔවුන්ටත් තමුන් කැමති රටකට යෑමට අවස්ථාව තියනවා. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ගැටළුවක් නැතුව යෑමේ හැකියාව ලැබෙනවා.
Yasika Monday, 24 November 2025 02:43 AM
අවස්ථාවාදී වෘත්තිකයින්.
Kumara Monday, 24 November 2025 07:55 AM
ඉතින් යන්න කිය කිය ඉන්නේ නැතුව. යන අය කවදාවත් කිය කිය ඉදලා ගියේ නැහැ.
Peduru Tuesday, 25 November 2025 09:17 AM
මොන රටවල්ද එයාලව වෛද්‍යවරු විදිහට පිළිගන්නේ. නමුත් එයාලට පිරිසිදු කිරීමේ රැකියාවලට යන්න පුළුවන්.