
(අංජුල මහික වීරරත්න)
දකුණු කොරියා ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී අද (28) පැවැත්විණි.
ජනාධිපති අනුර දිසානායක මහතා ප‍්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කොරියා ජනරජයේ තානාපතිනිය මෙහිදී ප‍්‍රශංසාව පළ කළාය.
දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා 1977 සිට මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් එම කටයුතු ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියාවේ අත්දැකීම් සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමටත් මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවන් සඳහා කොරියා ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බව තානාපතිනිය ප්‍රකාශ කළාය. දූෂණයෙන් තොරවීම ජාත්‍යන්තරයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඔසවා තැබීමට අවස්ථාවක් උදාකර දී ඇති බව පැවසූ දකුණු කොරියානු තානාපතිනිය, විදේශ ආයෝජන කැඳවා ගැනීමට මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට මෙම පරිසරය ඉතාමත් යෝග්‍ය බව පෙන්වා දුන්නාය.
මෙහිදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා කීවේ ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙරට වංචාව දූෂණය නැවැත්වීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙතෙක් කල් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය මාලිමා ආණ්ඩුව යටතේ අවසන් කර ඇති බවට සහතිකයක් ලබා දිය හැකි බවත්ය.

2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’දූෂිත දේශපාලනය අවසන් කළා’’
රාලහාමි Thursday, 28 August 2025 05:14 PM
අවුරුදු 70 ගණනක් තිස්සේ පැවත ආ අන්ත දූෂිත, මිනීමරු පවුල් පාලනය අවසන් කළා !!! දැන් ඒ දූෂිත වැඩවලට සම්බන්ධ හොරු, මිනීමරුවෝ.. එක එකා අල්ලලා කූඩුවේ දමන කාලය පටන්ගත්තා.. ගිය සුමානෙත් එකෙක් අල්ලලා කුඩුවේ දැම්මා. තව ගොඩාක් ඉන්නවා.. එල්ලුම් ගහත් නීතිගත කළා නම් නියමයි.
යෝගා Thursday, 28 August 2025 06:35 PM
ටිල්වින්ටත් ඩිමෙන්ෂියා වගේ. දැන් අන්ත දූෂිතයෝ වෙලා ඉන්නේ ජවිපෙ ඇමතිවරු. දූෂණ ලිස්ට් එක කවුරුත් දන්නවානේ. එකෙකුටවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොරියන් තානාපතිනිය විතරක් නෙමෙයි දැන් මුලු ජාත්‍යන්තරයම ඒ බව දන්නවා.
නෑ මල් Friday, 29 August 2025 11:42 AM
යෝග , ඇහැරෙනවා , අඩුමගානේ දකුණු කොරියානු තානාපතිය කියන දේ වත් අහන් ඉන්නවා.
Ariyathilaka Friday, 29 August 2025 09:22 AM
හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආචාර්ය උපාධිය දැන් ශුද්ධ ද? රතු ලේබල් කන්ටේනර් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ද ශුද්ධ ද?
Nishan Friday, 29 August 2025 09:39 AM
ඔහොම කියන කෙනාටත් චෝදනා තියෙනවා. අද වෙනකන් එයාගේ බාරේ තියෙන පැලවත්ත අරමුදලට ට්‍රිලියන ගාණක් සල්ලි ආපු හැටි සහ වියදම් කරපු හැටි ගැන විඝණනයක් කරලා නෑ. ප්‍රේමසිරි මානගේ හිටපු ජේවීපී මන්ත්‍රී කියන විදියට ඔවුන්ගේ පඩිය කොල්ලකාගෙන තමයි ඒ අරමුදල හදලා තියෙන්නේ. කෙසේ වුවත් ඒවා ගැන කියන්න කවදා හරි උසාවියට එන්න වෙනවා මෙයාටත්.
prasanna Friday, 29 August 2025 12:41 PM
76 වසරක් සිල් රකිමින් ජවිප ලොක්කෝ දැන් රහත් වෙලා ඉන්නේ. මිනී මැරුවෙත් නැහැ. අරගල කළෙත් නැහැ. ස්ට්‍රයික් කළෙත් නැහැ. දළදා මාලිගාවට ගැහුවෙත් නෑ...