(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පක්ෂවල නායකයන් මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිත කරන්නේ තමන්ගේ බලව්‍යාපෘති සඳහා පමණක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
තමන්ට අභිමත තමන්ට ජයග‍්‍රහණය ලැබෙන මැතිවරණය එනතෙක් ඔවුන් කල් මරමින් සිටින බවත් එය ඉතාම කණගාටුදායක තත්වයක බවත් ඔහු සඳහන් කළේය.
මාර්තු 12 ව්‍යාපාරය මරදාන පිහිටි සමාජ හා සමායික කේන්ද්‍රයේදී අද (6) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීය.
‘‘මැතිවරණ සම්බන්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරය විදියට අපේ අදහස ඉදිරිපත් කළා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් නැවත වරක් මාර්තු 12 ව්‍යාපාරය විදියට අපේ අදහස ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, විෂය බාර අමාත්‍යවරයා විවිධ ප‍්‍රකාශ නිකුත් කරලා තියෙනවා. අවස්ථා ගණනාවකදී කැබිනට් මණ්ඩලයටත් යෝජනා ඉදිරිපත් කරලා කියලා කියනවා. හැබැයි මේ දක්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා.
මේ රටේ දේශපාලන පක්ෂ සියල්ල සහ මේ රටේ පාලකයෝ සියල්ල තමන්ට අභිමත තමන්ට ජයග‍්‍රහණය ලැබෙන මැතිවරණය එනතෙක් කල් මරමින් සිටින තත්වයක් තමයි අපි දකින්නේ. ඒක ඉතාම කණගාටුදායක තත්වයක්.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’දේශපාලන නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරන්නේ බල ව්‍යාපෘතිවලට පමණයි’