IMG-LOGO

‘‘දේශපාලන තීන්දු ගැන කණගාටුයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ  සමහර දේශපාලන තීන්දු ගැන  කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට  අද(24) දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ දැනුම් දුන්නේ ලංකාවේ ජපාන තානාපතිවරයා එම  අමාත්‍යාංශයේදී අද (24) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදිය.

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ  එම ඉදිකිරීම් කටයුතුවල  ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදෙනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් එහිදී   අදහස් දක්වා ඇති ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා  පවසා ඇත්තේ   කොරෝනා උවදුර සහ වර්තමානයේ  පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන්  ඉදිකිරීම් කටයුතු  ප්‍රමාදවී ඇති බව තමාට  වාර්තාවී ඇති බවයි.

මෙරට ඉදිකිරීම් කටයුතුවල  නිරත බොහෝ විදෙස් සමාගම් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි  පෙන්වා දුන් තානාපතිවරයා  ජපානය සම්බන්ධයෙන් පවතින  දැඩි  විශ්වාසය තවදුරටත් රඳවා ගන්නා ලෙසට  ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන  බව  නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එසේම තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන්  ඉල්ලීමක් කළේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (Hoshiai chiharu) හොෂිආයි චිහාරු කට්සුකී, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර   සහ  අතිරේක ලේකම් සුනිල් ගුණරත්න  යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (5)

‘‘දේශපාලන තීන්දු ගැන කණගාටුයි‘‘

ravin Friday, 24 June 2022 03:06 PM

ඇයි අර සැහැල්ලු දුම්රිය...? එතනෝල්ට කොමිස් නැතිව නවත්තපු එක?

:       1       22

sweneFriday, 24 June 2022 04:53 PM

කවුද එතනෝල් කියලා හඳුන්වන්නේ?

:       1       1

ranjith Friday, 24 June 2022 06:58 PM

වැරැදි දේශපාලන තීන්දු අරන් රටට හිතකර ව්‍යාපෘති කඩාකප්පල් කරපු අමන පාලකයින් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.

:       0       10

ජෝන්ස් Saturday, 25 June 2022 01:43 AM

එහෙම කෙරුවොත් ඉතිරි වෙන එකක් නෑ. රටට හිතකර තීන්දු නෙමෙයි ඔවුන්ට හිතකර තීන්දු තමයි අරන් තියෙන්නේ මෙච්චර කාලයක්...!

:       0       0

ranli bundaula Saturday, 25 June 2022 05:24 AM

චීනේ ළංකර ගැනීම වහ තමයි... මෝඩ දේශපාලකයෝ රටම කෑවා...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site