(ටෝනි කරුණානායක)
දිවුලපිටිය නගරය ආසන්නයේදී අද පෙරවරුවේ මෝටර් රථයක් සහ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථය ධාවනය කළ වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය සහයකයකු මියගොස් මෝටර් රථයේ ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදි නිලධාරිනියක වූ බිරිඳ බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශය පවසයි .
පොල්ගහවෙල හලබඩ ප්‍රදේශයේ පදිංචි ආර් .ඩී.ගිහාන් මධුසංඛ විරසිංහ නමැති 27 හැවිරිදි වෛද්‍ය සහායකයා මෙසේ මිය ගොස් ඇති අතර 26 හැවිරිදි ඔහුගේ බිරිය තුවාල ලබා තිබේ ඇතැයි පොලිසිය කියයි .
මරණකරු හෙදි නිලධාරිනිය සමග විවාහ වී ඇතත් කොරෝනා හේතුවෙන් විවාහ මංගල උත්සවයක් ගෙන නොමැති හෙයින් තුවාල ලබා සිටින හෙද නිලධාරිනිය තම දෙමාපියන් සමග පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය වෛද්‍ය සහායක නිලධාරියා තම බිරිඳ වූ හෙද නිලධාරිනිය සමග බිරිඳගේ පන්නල පිහිටි නිවසේ සිට මෝටර් රථයෙන් රැකියාවට යමින් සිටියදී අනතුර සිදුව ඇති බවත් මෝටර් රථයේ රියදුරු වු වෛද්‍ය සහයක නිලධාරියාට නින්ද යාම අනතුරට හේතුවී ඇතැයි පොලිසිය කීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිවුලපිටියේ අනතුරින් නාවික හමුදා වෛද්‍ය සහායකයා මරුට