IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දිවුරන්න එපා නීතිය ඉදිරියේ නිර්දෝෂීබව ඔප්පු කරන්න

(ඩයනා උදයංගනී)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පුකිරීම යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අවස්ථාවලදී කරන ‘‍වෙලාව ආවම කියන්නම්’, ‘අවශ්‍ය වෙලාවට කියන්නම්’ හෝ ‘දිවුරනවා’ ආදී ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ.

කියනවා යැයි කියන දේවල් ප්‍රකාශ කරන්නට තව වසර ගණනාවක් අවශ්‍යද එසේත් නැතිනම් මැතිවරණයක් ආ යුතුදැයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව ද පියතුමෝ කීහ.

ඔහුට යමක් ප්‍රකාශ කිරීමට ඇත්නම් ඒ බව නීතිය ඉදිරියේදී හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ කළ හැකි බව ද සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ කොළඹ, අගරදගුරු නිල නිවසේදී අද (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම් හා විනය පරීක්‍ෂණ කළ යුතු අය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ද නිර්දේශ කර ඇතැයි කී පියතුමෝ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්පූර්ණ වාර්තාව එළිදැක්වීම රජයේ වගකීමක් බව ද පැවසූහ.



අදහස් (4)

දිවුරන්න එපා නීතිය ඉදිරියේ නිර්දෝෂීබව ඔප්පු කරන්න

Ajith Tuesday, 01 March 2022 11:22 AM

මේ සිරිසේනයාට පල්ලියට ඇතුල්වෙන්න ඉඩදුන්නු අයටයි ගහන්න ඕනේ... මේ කරපු කැතවැඩේට දඬුවම් දෙන්න ඕනෑ. කිසිම ගාණක් නැහැ පාස්කු ප්‍රහාරයේන් මියගිය සහ දුක්විඳින අය ගැන...

:       0       0

Bamunuarachchi Tuesday, 01 March 2022 03:15 PM

එතුමා නිර්දෝෂයි කියා අපි කියනවා. ඔබලාගේ ආගමික ගැටළු විසඳන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒවා පාරම්පාරික අවුරුදු දහස් ගණනක් පැරණි බද්ධ වෛර... මෙරට තුළ ඇතිවුණු අරගල නොවෙයි.. ඔබලා මේ රටට ගෙනාපු අරගල. අපි කොහොමද ඒවා නවත්වන්නේ. ඔබලාම ඒවා කච්චිතිව් දුපතට හෝ අන්දමන් දුපතට ගිහිල්ලා හරි බේරාගන්න. ඒ අරගල බේරුවේ නැහැ කියා බෞද්ධයින් බිලිදෙන්න අපිට බැහැ. අපි බැඳිලාත් නැහැ ඒවා බේරන්න. ඔය අරගල කරන්න දෙවියන්ගේ ආශිර්වාද මැද අල්ලා ශ්‍රේෂ්ඨයි කියමින්. සිංහල බෞද්ධයින්ට මේවා තේරෙන්නේ නැද්ද?

:       3       1

Bamunuarachchi Tuesday, 01 March 2022 03:23 PM

රණ්ඩුකර ගත්ත අය පැත්තක.., ඔවුන්ගේ රණ්ඩු බේරුවේ නැහැයි කියා කොහෙවත් ඉන්න අපි නීතිය ඉදිරියට යන්නලු. ක්‍රිස්තියානි කාරයින්ට ගහපු එකාට ගහන්න එපාලු.. බේරපු නැති එකාට ගහන්නලු...

:       3       1

Bamunuarachchi Tuesday, 01 March 2022 04:32 PM

නිර්දෝෂ වෙන්න ඕනේ දෝෂ ඇත්නම් පමණයි. බෞද්ධයින්ගේ පැත්තෙන් මෛත්‍රීට දෝෂ නැහැ. අපිට කාගේවත් පාරම්පරික ආගමික බද්ධ වෛර නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඔබලාගේ ආගමික බද්ධ වෛර ගැන ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවාද? නැහැ. ඒවා හංගාගෙන ඉඳලා කෙළවුණාම ඇරලා ප්‍රහාර නැවැත්තුවේ නැහැ කියලා අපිට ඇඟිල්ල දික්කරනවා...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site