
(රංජිත් රාජපක්ෂ )
තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක් පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ.
හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා ඇත.
පසුව ඇය වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසමින් ඉල්ලීමක් කර තිබේ.
අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සා කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පවුලේ අයට ඉතාමත් ඉක්මණින් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් අවශ්‍යයි. ලොකු විනාශයක් වීමට පෙර හැකි කෙනෙක්, අවට සිටින කෙනෙක් ඔවුන්ට පිහිට වෙන්න. එසේ නොවුන හොත් අසරණ දරු පැටවුන්ට යන කල කුමක්ද?
අහිංසක මවක්. ආර්ථික ප්‍රශ්න දරා ගන්නත් බෑ. දරුවන්ට අනතුරක් කරන්නත් බෑ. ඈ ගැන වැඩි විස්තර දැනගත් වහාම රටේ සුදන ජන උදව් කරන එක විශ්වාසයි
අහිංසක, අසරණ, කාරුණිකව අම්මා කෙනෙක්. මිනිස්සු මොනතරම් අසරණ ද. පව් මේ අම්මා. කියන්න කෙනෙක් නැති තැන පොලිසියට දරුවෝ බාර දීල. තමන් මැරෙන්න ගිහින්. මේ දරුවන්ටයි, අම්මටයි පිහිටක් වෙමු. අපිත් අම්මලා, දරුවෝ ඉන්න අය විදියට.
මේ අම්මාව නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු කරන්න. බැංකු ගිණුමක් ඇත්නම් විස්තර පලකරන්න.
පව් ආර්ථික අපහසුතා නිසා වෙන්න ඇති. දරුවන් නැති කෙනෙක්ට දරුකමට හදාගන්න ගන්න පුළුවන්ද?
බැංකු ගිණුමක් පලකිරීම ඉතා වැදගත්...
දේශපාලුවෝ හින්දා දුක්විදින මිනිස්සු අහෝ දෙයියනේ දෙයියොත් උදව් කරන්නේ හොරුන්ට ද?