(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට අද 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් කොස්තාපල් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ මන්නාරම ප්‍රවර්තන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මඩු කැලෑවේ අතරමං වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දර කඩා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් සැරයෙන් සරත් 3339 මහතා විසින් මෙම කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම වීම සම්බන්ධයෙන් මඩු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
කැලෑවේ අතරමං වූ පොලිස් කොස්තාපල්වරයා ගැන පොලිස් කණ්ඩායම හොයා බලා ඔහු හමු නොවීම නිසා මෙසේ පැමිණිලි කර තිබේ.
මඩු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඒ ඒකාබද්ධව කැලෑවේ අතරමංව සිටින පොලිස් කොස්තාපල් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වෙනත් කතන්දරයකුත් තියන බව නිසැකයි