
(නිමන්ති රණසිංහ)
වයස අවුරුදු අටක බාලවයස්කාර පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩුවෙල පදිංචි හතලිස් පස් හැවිරිදි තිදරු පියෙකි.
අපයෝජනයට ලක්වූ දරුවා වයස අවුරුදු 8දී මෙම අතවරයට ලක්ව ඇති බවත් මේ වන විට එම දරුවාට වයස අවුරුදු 11ක් වන බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අතවර සිද්ධියකට අදාළව රූපවාහිණීයේ විකාශනය වූ ප්‍රවෘත්තියක් දැකීමෙන් මෙම දරුවා තමාටද එවැන්නක් සිදුවූ බවට සඳහන් කරමින් ඔහුගේ මවට මෙම සිදුවීම පවසා ඇත්තේ වසර තුනකට පමණ පසු බව ළමා රක්ෂණ අධිකාරියට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
දරුවා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අවස්ථාවේදී සැකකරු දරුවාගේ පංතිභාර ගුරුවරයා ලෙස කටයුතු කර ඇති බවත්, අවස්ථා ගණනාවකදී දරුවා අපයෝජනයට ලක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පැමිණීල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
දරුවා සිදුකළ කරුණු හෙළිදරව්වෙන් පසු ඔහුගේ මව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවද එම අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදුකළ විනය පරීක්ෂණයේදී මෙම සැකකාර ගුරුවරයා වරද පිළිගෙන ඇති බවත් ඒ අනුව ඉකුත් මාසයේදී සැකකරුගේ සේවය අත්හිටුවා ඇති බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත’
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
හොඳට හොයල බලන්න දැන් ගුරුවරුන්ට අපල කාලයක්
මීට අවුරුදු පනහකට පමණ පෙර ගුරුවරු හැදින්වුනේ උපගුරු හා මුල්ගුරු ලෙසයි. මුල්ගුරු කිවුවෙ විදුහල්පතිලාට. 1994 ගුරු සේවය පිහිටුවීමේදී උපගුරු කියන වචනය ගුරු ලෙස වෙනස් කලත් තවමත් සමහරක් ගුරුවරු තමාගේ තනතුර හදුන්වන්නේ උපගුරු ලෙසය. එහෙම වුනත් ගුරු සංගම්වල ලොක්කේ කවදාවත් මෙම වරද නිවැරදි කිරීමට උපදෙස් දෙනවා දැකල නැහැ.
උපරිම දඬුවම් දෙන්න ඕන
මොනවා වුනත් ගුරුතුමෙක්නේ
ලිංගික අසහනය තදින්ම තියෙන රටක් ලංකාව
ඔන්න ඔන්න තවත් වර්ජනයකට ලෑස්ති වෙයි අපේ සාමාජිකයකුට දේශපාලන පලි ගැනීමක් කියලා.
අත තියන්නේ නැහැ . ස්ටාලින් මහත්තයට කියනවා
මේ දවස්වල ගුරුවරු තමන්ගෙ තනතුර ගැන කරන පම්පෝරි අහපු තරමට මම හිතන්නෙ මේක වැරදි ප්‍රවෘත්තියක්. ගුරුවරයා වැදුම් පිදුම් ලබන ගුරු උතුමෙක් වන්නේ තමාගෙන් සමාජයට විය යුතු යුතුකම නිවැරදිව ඉෂ්ඨ කරන්නේ නම් පමණි. වැටුප හෝ මෙහි සදහන් කාරනය වැනි පුද්ගලික කරුණු මත වෘත්තියේ යෙදෙන විට එය ගණිකා වෘත්තියටත් අන්ත වේ.