
(යොහාන් භාසුර)
දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත් අදාල පුද්ගලයා සොයා කණ්ඩායම් කීපයක් කටයුතු කරමින් සිටින බවත් එම අධිකාරියේ ප්‍රකාශයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ඊයේ (11) පස්වරුවේ වාර්තා කරන ලෙස කළ දැනුම්දී තිබුනද එය ඔහු මඟ හැරි බව ද එම නිලධාරියා කීය.
චෝදනා එල්ල වී සිටින උපකාරක පංති ගුරුවරයාට විදේශගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනමක් පැනවූ බව කී එම ප්‍රකාශකයා සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට එම අධිකාරියට නොපැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ද සඳහන් කළේ.
සැකකාර ගුරුවරයා නීතිවිරෝධී ලෙස උපාධියක් සහ ආචාර්ය තනතුරක් පාවිච්චි කර ඇති බව ද මේ වන විට පැමිණිළි ලැබී ඇති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ පැවැත්වනු ඇති බවත් පොලිසිය පැවසීය.
COMMENTS
හරිනිගේ නිවස පීරලා බලන්න. පින්තූරත් තිබුණා. දැන් ගෙවල් චෙක් කරන්න සීඅයිඩියට වරෙන්තු අවශ්‍යත් නෑනේ.
පැලවත්තේ බලන්න. ශුවර් එකටම හංගගෙන ඇති. එයා කියපු විදිහටම කරුමය තමයි පස්සෙන් එන්නේ.
මේ මොන විගඩමක්ද දැන් ලන්කාවේ... මොවුන්ට කාවත් අල්ලාගන්න බැරිය...