(ශාන්ත චන්ද්‍රසිරි)
අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබියදී අද (29) සොයාගත් බව නානුඔය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය, ඇබස්බෝඩ් දෙමළ විදුහලේ 10 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙස්පෝඩ් වත්තේ පහල කොටසේ පදිංචි මහේන්ද්‍රන් යශෝදා (15) නැමැති පාසල් සිසුවියකගේ බවට පොලීසිය සොයා ගෙන තිබේ.
තම දියණිය ඊයේ (28) රාත්‍රී 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30 ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත ඇහරී බලන විට දියණිය නිවසේ කාමරයේ නොසිටි බවත් ඉන් පසුව නිවස ආසන්නයේ සෑම තැනකම සොයා ලැබු බවත් මියගිය දැරියගේ මව පොලීසියට පවසා තිබේ.
තේ දළු නෙලීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ මළසිරුර දැක පසුව පොලීසියට පවසා තිබිණි.
මෙලෙස අභිහරස් ලෙස මියගොස් ඇති දැරියගේ මළසිරුර පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරික්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගන්නා බව නානුඔය පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දැරියකගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි