IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දියවන්නාවේ ලොක්කෙකුට ’’අමුතු විමර්ශනයක්’’

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුට එරෙහිවද  මෑතකදී  විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු දරන්නකු  තමන්ගේ  පෞද්ගලික කටයුත්තකට අදාල තොරතුරු පිටට දුන්නේ යයි සැක කරමින් බාහිර විමර්ශන නිලධාරියකු සම්බන්ධ කරගෙන  මෙම නිලධාරියා සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.

ඉහත සඳහන් කෙරුණු  උසස් නිලධාරියා විනය විරෝධී ක්‍රියා ඇත්දැයි සොයා ක්‍රියාමාර්ග ගැනීම  මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එම විමර්ශන නිලධාරියාට මෙතෙක් එම උසස් නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි  වරදක් හෝ විනය විරෝධී කටයුත්තක් සොයා ගැනීමට හැකිවී නැතැයි වාර්තාවේ.

කිසිදු චෝදනාවක් නොමැති යැයි  සඳහන් වන  නිලධාරියකු සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ විමර්ශනයක් ආරම්භ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සේවකයෝද  නොසතුට පළ කරති.

පාර්ලිමේන්තුවේ මෙම උසස් නිලධාරියාට එරෙහිව කරන අමුතුම විමර්ශනය ගැන දේශපාලන පිටියේද  මේ දිනවල දැඩි කතා බහට  ලක්ව ඇත.



අදහස් (2)

දියවන්නාවේ ලොක්කෙකුට ’’අමුතු විමර්ශනයක්’’

ගුණරත්න Monday, 01 September 2025 11:50 PM

යසයි, කේලාම්කරුවන්ගේ රජ දහනක් වෙලා අපේ රටේ. කේලාම් කියා මාලිමාවුන් අවුස්සා මිනිසුන්ගේ ජීවිත අවුල් කිරීම ආරම්භ වෙලයි තියෙන්නේ. මාලිමාවුනුත් ජීවිත කාලෙම පැරනොයිඩ් වෙලා එකිනෙකා, ලෝකේ සැක කරමින් දේශපාලනේ කල නිසා කෙලාම්කරුවන් කියන සියලු දේ පිළිගන්නවා....

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 September 2025 01:07 AM

පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවල ඉන්නේ රාජපක්ෂලා හදාගත්තු කුක්කෝ…

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site