IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දඹුල්ලේ මාළු වෙළඳසැල් සංකීර්ණය වහයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල මහ නගර සභාවට අයත් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළඳ සැල් සංකීරණය  අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව අද(25) දින තීරණය කර තිබේ.
 
දඹුල්ල මාළු වෙළඳසැල සඳහා මසුන් රැගෙන එන ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම තීරණය  ගෙන ඇති බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය කියයි.
 
දඹුල්ල මහා නගර සභාවට අයත් මාළු වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයන් 10දෙනෙකුගේ අහඹු ලෙස පිසිආර්  පරීක්ෂණ සිදුකළ බව නාගරික සෞඛ්‍යය ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
 
දඹුල්ල සති පොළ විවෘත කොට තිබුණද ජනතාවගේ පැමිණීම 70% කින් පමණ අඩු වී තිබුණු බව වෙළෙන්දෝ පවසති. එහෙත් දඹුල්ල සතිපොළේ උදෑසනම බොහෝ  සංචාරක වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිතව මුඛ ආවරණ පැළඳීමකින් තොරව තම අලෙවි කටයුතු සඳහා සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
 
 සති පොළට පැමිණි බොහෝ පාරිභෝගිකයෝ වෙළෙන්දන්ට දැඩි ලෙස දොස් පරොස් නගන්නට වූයේ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව කොතෙක් ජනමාධ්‍ය මගින් දැනුවත් කළ ද සංචාරක වෙළෙන්දන් ඒවා නොතකා ඉතා අනාරක්ෂිත ලෙස සති පොළට පැමිණ භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙනි.

 

 



අදහස් (0)

දඹුල්ලේ මාළු වෙළඳසැල් සංකීර්ණය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31644 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14071 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site