(කාංචන කුමාර ආරියදාස)
අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් ගොවීන් දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණය කණ්ඩලම හන්දිය ආදී ස්ථාන කිහිපයක සිය එළවළු අස්වනු අලෙවි කිරීම සිදු කරනු ලැබීය.
 
කන්ද උඩරට ප්‍රදේශ වලින් කැරට්, ලීක්ස් ,ගෝවා ,මාළුමිරිස් ,බෝංචි ආදී එළවළු රැසක් අද දඹුල්ල නගරයට ගොවීන් විසින් රැගෙනවිත් තිබේ.
 
එමෙන්ම පහතරට එළවළු වර්ග වම්බටු ,තක්කාලි ,නෝකෝල් ,,බණ්ඩක්කා ,කැකිරි, දඹල, ආදී එළවළු වර්ග ද ගොවීන් විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබිණි,
 
පසුගිය දිනවල එනම් අලුත් අවුරුද්දට පෙර දිනවල විශාල වශයෙන් පහත වැටී තිබූ එළවළු මෙදින යම් මට්ටමකින් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දන් සහ ගොවීන් පවසති.
  
 
කන්ද උඩරට ප්‍රදේශ වලින් රැගෙනවිත් තිබුණා කැරට් කිලෝව රුපියල් 110 සිට 120 දක්වා ,ලීක්ස් කිලෝව රුපියල් 100 සිට රුපියල් 110 දක්වාත් මාළු මිරිස් කිලෝව රුපියල් 60 සිට 70 දක්වා බෝංචි කිලෝව රුපියල් 50  සිට රුපියල් 70 දක්වා අලෙවිය සිදු විය.
එමෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 170 ට අලෙවිය.
පහතරට එළවළු තක්කාලි රුපියල් 35කට නෝකෝල් රුපියල් 46 කට  කැකිරි රුපියල් 20-30 අතර මිලකට බණ්ඩක්කා පතෝල ආදී එළවළු රුපියල් 35 සිට 65 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයන් සහ ගොවීන් පවසති.
  
රජය මගින් එළවළු මිල දී ගැනීම මෙදින සිදු නොවූ නතර ඉදිරියේ දී රජය ගොවීන්ගේ එළවළු මිලදී ගැනීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.



 
 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය
සෙනෙවිරත්න Wednesday, 15 April 2020 12:45 PM
මේ ආණ්ඩුව කියන කිසිම දෙයක් නොකෙරෙන්නෙ කාගෙ වරදින්ද?
vipula Thursday, 16 April 2020 03:02 PM
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහල නම් ඇයි එන්නේ.... කොහොමද දිස්ත්‍රික්ක පසු කරමින් එන්නේ? ගෙදරට වෙලා ඉන්නේ මම විතරද ?
rasika Thursday, 16 April 2020 03:22 PM
සෞඛ්‍ය,ආරක්ෂක, පාලන මේ සැමගේ කුසරකින රකුස් මහතුන් ආරක්ෂා කරමු. එසේම රකුස් මහතුන් ජනතාව ලෙඩ කරන දැ යොමු නොම වේවා...!!!