IMG-LOGO

දඹානේ ආදිවාසීහු ඡන්දය දමති

(රංජිත් කරුණාවීර)
 
මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹානේ ආදීවාසීහු ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියහ.
 
ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැඇත්තන්, සිය බිරිඳ හා පරපුරේ  පිරිස අද(05) දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කළහ.
 



අදහස් (8)

දඹානේ ආදිවාසීහු ඡන්දය දමති

විජිත් Wednesday, 05 August 2020 08:54 AM

ගහට කොළට, සතාසිව්පාවට පොදුවේ පරිසරයටම ආදරය කරන, තම භූමිය විදේශිකයින්ට නොවිකුණන, තම පරපුරේ ඕනෑ එපාකම් ඉටුකරමින්, විනය රකිමින්, තරුණ පරපුරට දයාවෙන් යහ මග පෙන්වන, අල්පේච්ච ජීවිතයක් ගෙවන මෙවන් නායකයෙක් ලබන්න අපේ රටේ ආදිවාසී තරුණ තරුණියන් බොහෝ පින් කරලා ඇති..!!! එ්ත් මේ රටේ බහුතරයක් වන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ.. අපි ඔක්කොම " පින් මදි " අය වෙන්න ඇති.. සංසාරයේ කොහේ හෝ තැනකදී අපි මහාම මහා පව් ගොඩක් කරලා ඇති.. ඒකයි අපිට තවමත් " උතුම් නායකයෙක් " නොලැබුණේ. මේ පාරවත්..? එ්ත් එය සිහිනයක්ම වේවිද? හැමදාමත්ම වගේ..

:       0       518

KosalaWednesday, 05 August 2020 10:44 AM

මේ ඉන්නේ ලංකාවේ නියම මිනිස්සුන්ගේ නියම නායකයා. ඔහුව පැත්තකින් තියලා අජපල්, අමන, ගොබ්බ තක්කඩි රැළක් තමන්ගේ නායකයන් ලෙස තෝරාගන්න. ඒ වගේම ... ජාති, පක්ෂ, පාට, කුල ගෝත්‍රවලට බෙදිලා, තමන්ගේ සුබසාධනයට තියෙන කෝටි දහසකට අධික මුදලක් වියදම් කරලා, කරන මේ විහිළුවලට හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

:       0       116

kamaniWednesday, 05 August 2020 12:33 PM

ඇයි දන්නේ නැහැ අනේ, ඔය කොළඹ උදවියටත් මේ වගේ උඩුකය නිර්වස්ත්‍රව, කෙටේරියක් කරේ එලවාගෙන අල්පේච්ඡව ජීවත් වෙන්නට බැරි...

:       61       1

krissThursday, 06 August 2020 05:35 AM

අනුන්ගේ නම් වලින් ලැජ්ජා නැතුව, තමන් නිරුවත්ව ඉන්න ගමන්, අනුන්ට එහෙම ඉන්නලු. ඔහේට මොනවා හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවද?

:       0       93

kamaniThursday, 06 August 2020 11:01 AM

ක්‍රිස්, ඇයි අනේ ඔයාට ඔච්චර තරහ යන්න? මම කියන්නේ රටේ නගරබද ජීවත්වෙන උදවියත් සරම් පොජ්ජක් ඇඳගෙන, කෙටේරි පොජ්ජක් එහෙම කරේ එල්ලගෙන උදේ, හවස රාජකාරියට යනවා නම් කොච්චර සුන්දරද? හැබැයි මේ ගමන් යනකොට තමන්ගේ භාර්යාවන් එහෙම ගෙදර තියලයි යන්නේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 05 August 2020 01:44 PM

විජිත්, මේ ජනතාව සම්බන්ධයෙන් මගේ අත්දැකීමක් මෙහිදී කියන්නම් මා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු වසරක, මට ඉගැන්වූ අංශාධිපති මහාචාර්යතුමා හමුවීමට විශ්වවිද්‍යාලයේ එතුමාගේ නිල කාමරය වෙත ගියා. එහි දොරටුව අසල බුලත් කාපු රතු ටී ෂර්ටයකින් සැරසුණු එක්තරා තරුණයකු සිටියා. මම හිතුවා සේවකයෙක් කියා. ඔහු මගෙන් ඇහුවා මහත්තයා ආවේ මහාචාර්යතුමා හමුවෙන්න ද කියා... මම ඔව් කියා ඔහුගෙන් ඇහුවා ඔහු කවුද කියා... මම තමයි වැදිනායක තිසාහාමිගේ මුණුපුරා. මට තමයි දඹානේ ගුණවර්ධන කියන්නේ කියා. මං පුදුම වුණා. ඒ වන විට ඔහුගේ ලිපි මා කියවා තිබුණා. පසු කාලෙක මහියංගණයේ මඟුල් ගෙදරක අප ගියා. වැදිනායකතුමාගේ මියයාම සිදුවී තිබුණේ මේ දිනවල. අපගේ පිරිසට එයට සහභාගී වීමට ඕනෑ වුණා. එදා අපට වාහනය මග දමා පයින් බොහෝ දුර යන්න සිදුවුණා. හොඳටම මහන්සියි, බඩගිනියි. මා පැමිණි බව දැනගත් ඔහු පවත්වමින් තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව නවතා වහා පැමිණ අපහට රාජ්‍ය අනුග්‍රහයෙන් තිබූ ආහාර පානයෙන් සංග්‍රහ කළා. ඔන්න බලන්න ඔහුගේ තිබූ ලෙන්ගතුකම... මා මෙය සිහිපත් කලේ කලගුණ සැලකීමක් ලෙසයි. ඔහු දැන් උපාධිධාරී විදුහල්පතිවරයෙක්...

:       0       118

පූජා Wednesday, 05 August 2020 10:00 AM

බොරුවට නොව, හද පතුලෙන්ම පරිසරයට ආදරය කරන සැබෑ මිනිසුන් තම වර්ගයාට අයත්, සංස්කෘතික ගති ලක්‍ෂණයන්ගෙන් යුතුව දකින්නට ලැබීම භාග්‍යයකි. නුඹලාගෙත්, අපගේත් සිහිනය සිහිනයක්ම නොව සැබෑවක්ම වේවා.!!!

:       0       121

ravi Wednesday, 05 August 2020 11:02 AM

මේ සැරේ ඡන්දෙ දාලා තියෙන්නේ ‘කලවැද්දා‘ ලකුණට... වෙන්නැති...

:       74       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1114 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site