
(ගයාන් සූරියආරච්චි)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බව යුද හමුදාව පවසයි.
ඒ අනුව නුවර, කටුගස්තොට, මාතලේ, ජේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්ෂාව යොදා ඇති බව යුද හමුදාව කියයි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයනු ලබන පොලිසියට සහායවීම සදහා යුද හමුදා නිලධාරීන් ද යොදවා ඇත.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (9) වන දින මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
ඒ අනුව ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිස් දුම්රිය ස්ථානවලට යොදවන ලෙස ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇත.
COMMENTS
ඔය දුම්රිය ස්ථානවල වැඩ කරන්න හමුදාව යොදවන්න. යුද්දේ දිනපු හමුදාවට ඒක සුළු දෙයක්...
තුවක්කු පෙන්නාගෙන දුම්රිය පොළවල්වල හිටියාට වැඩක් නැහැ. මේ වගේ වෙලාවට දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමයි කළ යුත්තේ...
තත්වය භයානක වුණොත් මැතිවරණ කොමසාරිස්ට ඡන්දය තියන්න බැරිවෙයිද?
වහාම පුද්ගලික අංශයට බාර දෙන්න. මෙයාලාගේ නැටුම් හොඳටම ඇති...!