
(නිමල කොඩිතුවක්කු , යොහාන් බාසුර සහ මහින්ද නිශ්ශංක)
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
හෙටට(31) යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වීමෙන් වැළකීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමග අද රාත්‍රියේ සිටම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරිණ.
උසස්වීම්, බඳවා ගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද(30) පස්වරු 4.30 සිට පැය හයකට අධික කාලයක් තිස්සේ මෙම වර්ජනයේ නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් බලු වැඩ කරන්න එපා. වර්ජන අයිතිය වැඩ කරන සියලු දෙදෙනාගේම අයිතියක්.
පින්පඩිකාරයෝ පිරුණ අසාර්ථක රාජ්‍ය ආයතන අතර මුල්ම තැන තියෙන ආයතනය...
මේක බොරු මවා පෑමක්. මේ රජයේදිත් ස්ට්‍රයික් කරා කියලා පෙන්නන්න කරපු දෙයක්... නැතිනම් ටික වේලාවකින් මේක නිමා කරන්න විදියක් නැත.