
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පස්වරුවේ පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ එම ගැටලුව සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට විධායක සභාව තීරණය කළ බවත් සෝමරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට කිසිම බුරුලක් දෙන්න එපා. තදින්ම හිටින්න. අහිංසක මගීන් දඩමීමා කරගැනීමට තිත තබන්න. දුම්රිය සේවය කාහටත් විවෘත සේවයක් කරන්න.
ජේවීපිය තමයි මේ ජරා වර්ජන සංස්කෘතිය ඇතිකරලා, වැඩි දියුණු කරලා මේ රටේ ආර්ථිකය කෑවේ. දැන් රිටර්න් එනවා...
මහජනයා නොමග යවන්න ආන්ඩුවෙන්ම කරන බොරුවක්. ප්‍රවාහන ඇමැතිගේ පවුද්ගලික ලේකම් කවද්ද මේවගේ ගැටළු විසඳන්න ගියේ...?
තනිකරම පෞද්ගලික කාරණා නිසා වැඩ වරදිනවා. පඩි ගන්නවා. මාලිමාවට තේරෙයි දැන් ඉස්සර උඩ පැණ පැණ වැඩ වරපු රඟේ. දුම්රිය සේවකයින්ට නම් ජේ. ආර්. දුන්නු ටොෆිය තමයි දෙන්න ඕනෑ. නැත්නම් හදන්න බෑ...
දුම්රිය ස්ථානාධිපතිවරුන් කරලා තියෙන ඔය වැඩ වර්ජනය හරිම අසාධාරණයි. තවම හරියට රජයක් වත් පිහිටුවලා නැහැ. තුන් දෙනෙක්ට තමයි ඔක්කෝම බර පැටවිලා තියෙන්නේ. තවත් දෙයක් කියන්න තියෙනවා. වැඩ වර්ජනයක් නෙවෙයි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. අකුරට වැඩ, අතිකාල වර්ජනය වගේ දේවල් කරලා තමයි වැඩ වර්ජනයක් කරන්න ඕනෑ.
ජනතාව අපහසුතාවයට පත් කරන වැඩ... කිසිම දේකින් සෑහීමකට පත් නොවන අය...