(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ පොත්තේ කන්ද අඹේපුස්ස, ලිපිනයේ පදිංචි ඈගල්ල දේවගේ සිරිපාල නම් හැට හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත
අද( 1 ) උදෑසන මීරිගම පොලිස් ස්ථානයට දුරකථන පණිවිඩයක් අනුව කෙරුණු සොයා බැලීමේ දී ,කීණදෙනිය අබේපුස්ස දුම්රියපොළ ආසන්නයේ ,කීණදෙනිය හන්දියේ දුම්රිය ගොඩනැගිලි ආසන්නයේ දුම්රිය මාර්ගය අසල, මිය ගොස් වැටී තිබූූමෙම අයගේ මළ සිරුරු සොයාගෙන ඇත .
මිය ගිය අයගේ සිරුර කොළඹ දෙසට දිවෙන දුම්රිය මාර්ගය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයේ වැටී තිබූ බව නිරීක්ෂණය වී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.