IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දීමනාව බෙදීමේදී ඇති වු කලබලය විසඳන්න පොලීසිය-නාවික හමුදාව කැඳවයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ  රජයෙන් ලබා දෙන 5000 ක දීමනාව ලබා දිම සිදුවෙමින් සිටියදී පිරිසක් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරිමත් සමග පොලිසිය හා නාවික හමුදාව ආරක්ෂාවට යෙදවිමට සිදුවු බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මිය පැවසූවාය.
 
පුත්තලම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසම තුල පදිංචි පිරිසෙන් පවුල් 2225 ක් වෙත මෙම ජීවනෝපාය අහිමි පිරිස් සොයා අදාල 5000 දිමනාව ලබා දෙමින් සිටියදී ප්‍රකෝප වු පිරිසක් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරිමත් සමග දැඩි උණුසුම් තත්වයක් මතුව තිබුණි.
 
මේ සමගම පුත්තලම ප්‍රාදේශීය ලේකම්  වරිය වහාම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් පිරිසක් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවිමට කටයුතු කල බව කියයි.
 
නමුත් එම නිළධාරින්ටද එය පාලනය කිරිමට නොහැකිවිමත් සමග එම ස්ථානයේ සේවය කල නිළධාරින්ගේ හා ජනතාවට ලබා දිමට ලබා දි තිබු ලක්ෂ ගනනක මුදල් වල ආරක්ෂාව වෙනුවෙන් පුත්තලම මුල්සථාන පොලිසිය හා නාවික හමුදාව යොදවා ආරක්ෂාව තර කල බව ප්‍රාදේශීය ලේකම් වරිය පැවසිය.

ඒ වන විට 1000 කට අධික පිරිසක් දිගු පෝලිම් වල රැදි සිටිමින් අදාල දිමනාව ලබා ගැනිමට රැදි සිටිනු දැක ගත හැකි විනි . 

 

 



අදහස් (2)

දීමනාව බෙදීමේදී ඇති වු කලබලය විසඳන්න පොලීසිය-නාවික හමුදාව කැඳවයි

lalithm Friday, 24 April 2020 01:06 PM

මෙහෙම අහනවට තරහ වෙන්න එපා අයුබෝවන්! මේ පෝලිම්වල ඉන්න ඔක්කොම රැකියා අහිමිවෙච්ච අයවලුන්මද? නැතිනම් නිකම් මොනවා හරි දෙනවා කිව්වොත් ගන්න බලන නිර්ලජ්ජිත ලාංකික මනසින් යුක්තවුවන්ද?

:       0       0

අබිලින් Saturday, 25 April 2020 02:00 AM

කරන්න තිබුනේ පොලිසිය හෝ හමුදාව කැදවීම නොව මුදල් ගෙවීම නතරකර මූලික විමර්ශනයක් සිදුකර කලබල කළ අයගේ කලබලයට හේතු විමසා බැලීමයි.කලබල කළ අයගේ අදහස් හරිනම් ඔවුන්ටත් සමගම මුදල් ගෙවීම කළ යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site