ඊශ්‍රායල ගුවන් හමුදාව දිගට හරහට ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් මරණයට පත් වුණු පලස්තීන වැසියන් ගණන 9,000 සීමාව ඉක්මවා යද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය.
මේවනතුරු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේත්, ඇමෙරිකාවේත් ස්ථාවරය වූයේ ගාසා හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බවය.
'මා හිතන්නේ දැන් ඇති. ප්‍රහාර තාවකාලිකව හෝ නැවැත්වීම කළ යුතුයි' යැයි බයිඩන් පැවැසුවේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නවත්වා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් සහ විදේශිකයන් නිදහස් කර ගැනීම කළ යුතු යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන්
Paraya Thursday, 02 November 2023 06:38 PM
අහිංසක ළමුන් මැරුවා ඇද්ද?
Mahasy Thursday, 02 November 2023 08:17 PM
නාකි, අවලස්සන ඇමෙරිකානුවාට දැන් ඇති කියලා හිතිලා...